ආසියානු ශුරියන්ට විශේෂ ත්‍යාගයක්

291

2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට පත්වී මංගල ආසියානු කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබෙනවා.

තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී මේ බව නිවේදනය කළ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (28) පැවති අවසන් තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28) ආරම්හ වූ 2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන්.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමේ Shafali Verma ලකුණු 16ක්ද, නායිකා Harmanpreet Kaur ලකුණු 11ක්ද, Uma Chetry ලකුණු 09ක්ද, Jemimah Rodrigues ලකුණු 29ක්ද, අගනා ඉනිමක් ක්‍රීඩාකළ Smriti Mandhana ලකුණු 60ක්ද, Richa Ghosh ලකුණු 30ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීෂා ඩිල්හාරි කඩුළු 02ක්ද, චමරි අතපත්තු, උදේෂිකා ප්‍රබෝධානි සහ සචිනි නිසංසලා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, ආසියානු කුසලාන සිහිනය සැබෑ කරගැනීමට ලකුණු 166ක පිළිතුරු ඉලක්කයක් සහිත පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 167ක් රැස් කරගනිමින් මංගල ආසියානු කුසලානයේ පහස විඳදරා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ නායිකා චමරි අතපත්තු ලකුණු 61ක් ලබාගත් අතර, Harshitha Samarawickrama නොදැවී ලකුණු 69ක්ද, Kavisha Dilhariද නොදැවී ලකුණු 30ක්ද, රැස් කර ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී, ඉන්දීය කණ්ඩායමේ Deepti Sharma එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *