BREAKING NEWS
Search

කලුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ නිල රියේ එන්ජිමෙන් හමු වූ පුදුම දේ

277

කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි  කියන සිධියක් වාර්තා වී  ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම නිල රියේ එන්ජිම එකවරම අක්‍රිය වීම සම්බන්ධයෙන්  පොලිස් ජීප් රථ අලුත් වැඩියා සිදු කටයුතු සිදු කරන අදාල සමාගම වෙත ගොස් සිදුකළ මූලික පරික්ෂාවේ දී මේ බව අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.

යොදා ඇති ලුණු වර්ගය ආහාර පිසීමට ගන්නා ඒවා නොවන බවත් පොල් ගස් වලට යෙදීමට ගන්නා ලුණු වර්ගයක් බවත් අනාවරණය වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙන බවද එම නිලාරියා සඳහන් කලේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *