දුව විභාගයට නොගියැයි සිත් වේදනාවට පත් මව ගත් දරුණු තීරණය

171

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නර්තන විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට සිය දියණිය අකමැති වීම නිසා සිත් තැවුලට හා කෝපයට පත් යාපනයේ කාන්තාවක් සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගෙන පෙරේදා (20 දා) සියදිවි හානි කරගෙන තිබේ.

මෙම ශෝචනීය ඉරණමට ගොදුරු වී ඇත්තේ යාපනයේ බණ්ඩතරිප්පු ප්‍රදේශයේ පදිංචි අන්රංජයපාල උදයසන්ද්‍රිකා නමැති 48 හැවිරිදි මවකි.

ඇගේ දියණිය අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීම තරයේම ප්‍රතික්ෂේප කිරීම නිසා මව හා දියණිය අතර බහින් බස් වීමක් සිදුව තිබේ. මින් කෝපයට හා සිත්තැවුලට පත් කාන්තාව සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.

වහාම ඇයව තෙලිප්පලෙයි රෝහලට රැගෙන ගොස් ඇතත් ඇගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඇයව යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීමෙන් පසුව ඇය එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගිය මෙම කාන්තාවට දරුවන් පස් දෙනෙකු සිටින අතර පවුලේ දෙවැනි දියණිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව පෙනී සිටීමට නියමිත නර්තන විෂයේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී නොසිටීමට ගත් තීරණය මත ඇගේ මව මියායෑමට තීරණය කොට තිබේ.

තෙලිප්පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

දිනසේන රතුගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *