BREAKING NEWS
Search

බෝට්ටුවක් ගිනි ගැනීමෙන් 40කට අධික පිරිසකට දිවි අහිමි වෙයි

101

උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ට අධික පිරිසක් මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත ගමන් කර ඇති බවය.

දිවි ගලවා ගත් සංක්‍රමණිකයන් 41 දෙනෙකු හයිටි වෙරළාරක්ෂක බළකාය විසින් බේරාගෙන ඇති බව විදසේ වාර්තා සඳහන් කළේය.

සංක්‍රමණිකයන් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *