රටම කැළඹු ක්ලබ් වසන්තගේ, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ දේ…

155
අතුරුගිරිය ටැටූ  මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න අද  නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා.

එයින් උණ්ඩ තුනක් ඒ මහතාගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සදහන්.

හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවලා හේතුවෙන් සිදු වූ මරණයටක් බවටද හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර ඇත



Leave a Reply

Your email address will not be published. Required fields are marked *