කන්ගනා රනාවුත්ට ගුවන්තොටුපොලේදී නොසිතු මොහොතක කම්මුල් පහරක්….වීඩියෝ සහිතයි

517

ඇයට බොලිවුඩයේ බොහෝ දෙනා ආදරය කරනවා… ඒ වගේමයි මේ පුවත නිසාත් මේ වෙද්දී බොහෝ දෙනෙක් මවිත වෙලා..

ඇත්තටම එතන සිද්ධ වුණේ මොකද්ද..? මේ ඒ ගැන කතාවයි..

භාරතීය ජනතා පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට චන්දිගාර් ගුවන්තොටුපොළේ දී මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ නිලධාරිනියක් විසින් කම්මුල් පහරක් එල්ල කර තිබෙනවා..

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගොවීන්ගේ විරෝධතාවකදී කන්ගනා රනාවුත් කළ ප්‍රකාශකට විරෝධය පළ කරමින් අදාළ නිලධාරිනිය මෙලෙස කම්මුල් පහරක් එල්ල කළ බවයි..

කෙසේ වෙතත් කන්ගනා ගුවන්තොටුපොළේ පරීක්ෂා කිරීම් කටයුතුවලට සහය නොදීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා..

සිද්ධියෙන් පසු කන්ගනා රනාවුත් පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *