BREAKING NEWS
Search

පළමු පන්දුවෙන් ම දැවීගිය අසාම් ඛාන්ට ප්‍රේක්ෂකයෙක්ගෙන් කුණු බැනුම්

381

අහිමිරි පරාජයකට මුහුණ දෙමින් නිමා වූ අමෙරිකා – පාකිස්ථාන විස්සයි විස්ස තරගයේ දී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගිය අසාම් ඛාන් සහ ප්‍රේක්ෂකයෙකු අතර වූ උණුසුම් වචන හුවමාරුවක දර්ශන ක්‍රීඩා ලෝකය උණුසුම් කරමින් තිබෙනවා.

දිගින් දිගටම ක්‍රිකට් ලෝලීන්ගේ විවේචනයට ලක් වන අසාම් ඛාන් අමෙරිකාව හා පැවැති තරගයේ දී නොස්තුෂ් කෙන්ජිගේ විසින් යොමු කරන ලද පන්දුවකට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

එලෙස දැවීයාමට හසු වූ අසාම් නැවත ක්‍රීඩාගාරයට යමින් සිටිය දී මෙම සිදුවීමට මුහුණ දුන් අතර ප්‍රේක්ෂකාගාරයේ සිටි ප්‍රේක්ෂකයෙකුගෙන් ඔහුට වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසන්නේ.

හිටපු පකිස්ථාන ක්‍රිකට් නායක‍යෙකු වූ මොයින් ඛාන්ගේ පුත් අසාම් ඛාන්, පාකිස්ථාන කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මත පළ කරන්නේ ‘ඥාති සංග්‍රහයක’ ප්‍රතිපලයක් බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *