BREAKING NEWS
Search

දරුවාට පහරදුන් පුද්ගලයා සැඟව සිටිය දී කොටු කරගත් මෙහෙයුම – වීඩියෝ සහිතයි

1264

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ දර්ශන පෙළක් “අද දෙරණ”ට ලැබී තිබේ.

අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අදාළ සැකකරු සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගෙන මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *