Latest Articles
Search

තහනම් ගහේ රස බලන්න ගොස් ලාන්ස් කෝප්‍රල්ගෙන් ගුටි කෑ ඕඅයිසී ගේ අලුත්ම තත්ත්වය

269
සැමියා නොමැති අවස්ථාවක බිරිඳ සමග අනියම් ඇසුරක් සඳහා පසුගිය 04 වැනිදා අලුයම 2.00ට පමණ පදියතලාව සරණගම ප්‍රදේශයේ නිවසකට ගිය පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට අනියම් බිරියගේ සැමියා විසින් මෝල්ගසකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇතැයි වාර්තා වෙනවා.

Advertisement
හිසට බරපතළ තුවාල සිදු වී ඇති පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. සැමියා නිවසේ නැතැයි සිතා පොලිස් ස්ථානාධිපතිවරයා සිය අනියම් බිරිඳ හමුවීමට මෙම නිවසට ගොස් ඇතත් දැනුම් දීමකින් තොරව හිටිහැටියේම නිවාඩු ලබාගෙන සැමියා නිවෙසට පැමිණ මෙම දෙදෙනාගේ අනියම් සම්බන්ධය අතටම හසු කරගෙන ඇත.

Advertisement

මෙම අවස්ථාවේදී කුස්සියේ තිබූ මෝල්ගස රැගෙන විත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු වන සැමියා පොලිස් ස්ථානාධිපතිවරයාට මෝල්ගස දෙකඩ වන තුරුම පහරදී ඇති අතර පහර දීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සිහිසුන්ව ඇදවැටී තිබේ. මෙම අවස්ථාවේදී සැකකාර සැමියා තිස් දෙහැවිරිදි තම බිරිඳට ද පහර දී බරපතළ තුවාල සිදු කර ඇත.

Advertisement
පහරදීමෙන් අනතුරුව ලාන්ස් කෝප්‍රල්වරයා කැලෑ පාරක් ඔස්සේ ප්‍රධාන මාර්ගයට පැමිණ අලුයම 5.30ට පමණ බස් රථයකට ගොඩවී මහියංගණය පොලිසියට පැමිණ භාර වී ඇත.

Advertisement

එහිදී පහරදීම සම්බන්ධයෙන් සැකකරු මහියංගණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දියතලාව මානික්කකන්ද යුද හමුදා කඳවුරේ සේවයේ නිරත හතළිස් හතර හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙකි.

Advertisement
නිවෙස තුළ සිහිසුන්ව ඇද වැටී සිටි පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ඔහුගේ අනියම් බිරිඳ ප්‍රදේශවාසීන් විසින් ත්‍රිරෝද රථයකින් පදියතලාව ප්‍රාදේශීය රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදීම වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් මහියංගණය මූලික රෝහලට මාරු කර යවා ඇත.

Advertisement
පොලිස් ස්ථානාධිපතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔහු වැඩිදුර පුතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පහරදුන් බවට මහියංගණ පොලිසියට භාර වූ ලාන්ස් කෝප්‍රල්වරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව පදියතලාව පොලිසියට භාර දී ඇත.

Advertisement

පහර කෑමට ලක්වූ තිස් දෙහැවිරිදි කාන්තාව තවදුරටත් මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *