Latest Articles
Search

මත්කුඩු නිසා තමන්ගේම අවුරුදු හතේ දරුවාගේ ජීවිතය උදුරාගත් නරුම පියා

187

දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැපකරන උත්තම පියවරුන් අතර තාත්තා යන නමටත් නිගා දෙන ඇතැම් පියවරුන්ද සිටී.

Advertisement

මත්කුඩු මිලදී ගැනීමට මුදල් ඉල්ලා බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් අතරතුර වයස අවුරුදු හතක් වූ තම දරුවා පොළොවේ ගසා බරපතළ තුවාල සිදුකිරීමට තරම් සැහැසි වූ එවන් පියෙකු පිළිබඳව අපට වාර්තා විය.

Advertisement

සිය සැමියා විසින් තම හත් හැවිරිදි දරුවා පොළොවේ ගැසූ බවට මීට දින කිහිපයකට ඉහතදී ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත පැමිණි කාන්තාවක් මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

Advertisement

එමගින් ඇය සඳහන් කර තිබුණේ තම සැමියා ඉතා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකු වන අතර, මත්කුඩු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලමින් නිරන්තරයෙන් තමන්ට සහ තම දරුවාට හිරිහැර කරන බවය.

Advertisement

සිද්ධිය සිදුවූ  දිනයේ ද තම සැමියා මුදල් ඉල්ලමින් තමන්ට අමානුෂීය ලෙස පහරදුන් අතර ඒ අසලට පැමිණි තම 7 හැවිරිදි දරුවා ඔසවා අමානුෂීය ලෙස පොළොවේ ගැසූ බවද කාන්තාව පොලීසිය හමුවේ පවසා තිබේ.

Advertisement

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති  අතර පොළොවේ ගැසීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ රීජ්වේ ආර්යා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.

සැකකරු මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්වූ පුදගලයෙක් බවද වාර්තා වෙයි.

Advertisement

අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මෙම මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *