Latest Articles
Search

ජුනි 30ට පෙර ලියාපදිංචි වන්න – නැතිනම් නීතිමය පියවර

1061

ජය විසින් රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කර හෝ ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කරන බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති රහුමාන් පල්ලි සදහන් කරයි.

Advertisement

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස (30) වනදා දක්වා කාලය ලබාදී ඇති බවත් අනතුරුව මගී ප්‍රවාහන අධිකාරිය පොලීසිය සමග එකතු වී ලියාපදිංචි නොවූ ත්‍රීරෝද රථ සඳහා නීතිමය පියවර ගන්නා බවද සභාපතිවරයා සදහන් කරයි.

Advertisement

සභාපති රහුමාන් පල්ලි තවදුරටත් සදහන් කළේ,

Advertisement

” ගාස්තු මීටරය කියන එක මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රීරෝද සඳහා අත්‍යාවශ්‍ය වූ අංගයක්. ෆෝන් මීටරේ නෙමෙයි මේ කියන්නේ. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කොට හෝ ලබාදීමට කටයුතු කරන්න කියලා.

Advertisement

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ලියාපදිංචි වීමට ජූනි මස 30 වනදා දක්වා කල් ලබාදීමක් සිදුකර තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා ජූනි 30ට පෙර ඒ ලියාපදිංචිය සිදුකර ගන්න. ඊට පස්සේ මගී ප්‍රවාහන අධිකාරිය පොලීසිය සමග එකතු වී ලියාපදිංචි නොවූ ත්‍රීරෝද රථ සඳහා නීතිමය පියවර ගන්නවා.”

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *