Latest Articles
Search

සල්ලි ගන්න ගිය ව්‍යාපාරිකයාට ATM කුටියේ නින්ද ගිහින්… නිදා සිටි ව්‍යාපා­රි­කයාට හොරුන් කල දේ

3393
ඒ.ටී.එම්. යන්ත්‍ර­ය­කින් මුදල් ගැනී­මට ගිය ව්‍යාපා­රි­ක­ය­කුට එම යන්ත්‍රය පිහිටි කුටිය තුළ පැය තුන­කට අධික කාල­යක් නින්ද ගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.

Advertisement
මේ හේතුවෙන් ඔහු සතුව තිබුණු ජංගම දුර­ක­ත­නය සහ ඔහු පැමිණි යතු­රු­පැ­දිය සොරා ගෙන ඇති අතර මේ සම්බ­න්ධ­යෙන් පොලි­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

Advertisement
පාදුක්ක මළ­ගල ප්‍රදේ­ශයේ පදිංචි 45 හැවි­රිදි ව්‍යාපා­රි­ක­යකු සාද­ය­කට සහ­භාගි වී නිවෙ­සට යන අතර වාර­යේදී මෙම සිද්ධි­යට මුහු­ණදී තිබේ.

Advertisement
අලු­යම 2.30ට පමණ ඔහු නුගේ­ගොඩ විජේ­රාම හන්දිය ආස­න්නයේ පිහිටි පෞද්ග­ලික බැංකු­වක ඒ.ටී.එම්. කුටිය වෙත ගොස් ඇත්තේ මුදල් ගැනීම සඳ­හාය.

Advertisement
යතු­රු­පැ­දිය ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටිය අසල නවතා කුටිය තුළට ගොස් ඒ.ටී.එම්. කාඩ්පත යන්ත්‍රය වෙත යොමු කර නිසි අයු­රින් රහස්‍ය අංකය ඇතු­ළත් කිරී­මට නොහැකි වීම හේතු­වෙන් කාඩ්පත යන්ත්‍රය තුළ සිරවී ඇති බව විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත.

Advertisement

පදම ඉක්මවා සිටි ව්‍යාපා­රි­කයා කාඩ්පත පිට­තට එන­තුරු බලා සිට ඇති බවත් එහිදී නොදැ­නු­ව­ත්වම ඔහුට නින්ද ගොස් ඇති බවත් පොලි­සිය කියයි.

Advertisement

එසේ ඔහුට අලු­යම 5.30ට පමණ වන­තෙක් නින්ද ගොස් ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

Advertisement
පදම වැඩි වී තමන් රාත්‍රිය ගත කර ඇත්තේ ඒ.ටී.එම්. කුටිය තුළ බව ව්‍යාපා­රි­ක­යාට අව­බෝධ වී ඇත්තේ නින්දෙන් ඇහැ­රුණු පසු­වය.

Advertisement

ඔහු සතුව තිබුණු ජංගම දුර­ක­තන දෙක ද ඒ වන විට තිබී ඇත්තේ අස්ථා­න­ග­ත­වය. සියල්ල අම­තක කර සිය නිවෙ­සට යෑම සඳහා කුටි­යෙන් පිට­තට පැමිණ ඒ මේ අත බලද්දී ඔහු මාර්ගය අසල නවතා තිබූ යතු­රු­පැ­දි­යත් තිබී නැත.

Advertisement
එබැ­වින් ඔහු ඒ ගැන පොලි­සි­යට ගොස් පැමි­ණිලි කර තිබේ.

Advertisement
ඒ අනුව පොලිස් නිල­ධා­රීන් අදාළ බැංකුවේ සීසී­ටීවී දර්ශන පරීක්ෂා කිරී­මේදී අලු­යම 5.15ට පුද්ග­ල­යන් දෙදෙ­නකු ඒ.ටී.එම්. කුටිය තුළට ගොස් නිදා සිටි ව්‍යාපා­රි­කයා අස­ලට ගොස් සාක්කු­වට අත දමා ජංගම දුර­ක­තන දෙක සහ යතු­රු­පැ­දියේ යතුර ගෙන පිටවී යන අයුරු සට­හන්ව තිබූ බව පොලි­සිය කියයි.

Advertisement

මුදල් පසු­ම්බියේ මුදල් නැති බැවින් දමා ගොස් ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *