Latest Articles
Search

රූපවාහිනියේ කාර් රේස් එක සම්බන්ධව පෙන්නුවාම මෙයාට යන්නම ඕනෑ වුණා බලන්න – කාර් රේස්වලට ආදරේ කළ දියණිය අද යන්නම ගිහින්

173

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ චුටි නංගියා කාර් රේස් තරගයකදී මගේ මාමාත් එක්ක අපිව දාලා ගියා යැයි ඤාති සොහොයුරියක වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය පැවසුවාය.

Advertisement

මෙම අනතුරින් ශිවරාජ් කෞෂල්‍යාගේ මවගේ අයියා වන මුත්තුලිංගම් උදයකුමාර් සහ මුත්තුලිංගම්ගේ වැඩිමහල් දියණියගේ තුන්වැනි දරුවා වන හත් හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා යන දෙදෙනා මිය ගොස් තිබුණි.

Advertisement

ඩයරබාවත්තේ ඥාතී හිතවත් සියලු දෙනාම අද (22) දිනුෂිකාගේ නිවසට රැස්ව දිනුෂිකාගෙත් සීයාගෙත් වියෝවීම සම්බන්ධයෙන් තම ශෝකය පළ කරමින් සහ දිනුෂිකාගේ මතක සැමරුම් ගැන කතා බහ කරමින් දක්නට ලැබිණි.

Advertisement

අප එහි යන විටත් දිනුෂිකාගේ පියා දිනුෂිකාගේත් සීයාගේත් සිරැරැ ගෙන ඒමට දියතලාවටගොස් සිටි නිසා දිනුෂිකා ඔහු හමුවීමට නොහැකි විය

Advertisement

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනුෂිකාගේ ඥාතී සොහොයුරිය වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය මෙසේ කීවාය.

Advertisement

මගේ අම්මාගේ අයියා තමයි මුත්තුලිංගම් උදයකුමාර් එයා වත්තේ කම්කරුවකු ලෙස සේවය කරනවා. එයාගේ වැඩිමහල් දියණිය මීට ටික කලකට පෙර මිය ගියා. එයාගේ තුන්වැනි දරුවා තමයි 7 හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා එයාගේ සියාට හරිම ආදරෙන් තමයි හිටියේ. සියාත් එයාට හරිම ආදරෙයි. දිනුෂිකාට අයියලා දෙන්නෙක් ඉන්නවා.දිනුෂිකා ඩයබරාවත්තේ වතු පාසලේ 2 වැනි වසරේ තමයි ඉගෙනගත්තේ.

Advertisement

අපේ චූටි නංගි ඉස්කෝලේ වැඩ කරන්න හරිම ආසයි. එයා හැමදාම ඉස්කෝලේ වැඩ කරලා රූපවාහිනියේ කාර් රේස්, කාටුන් බලන්න ආස කළා. සීයා වගේම එයාගේ තාත්තා දිනුෂිකාට හරිම ආදෙරෙන් හිටියේ අම්මා නැති පාඵව චුටි නංගිට දැනෙන්න එයාගේ තාත්තා ඉඩ තිබ්බේ නෑ. චුටි නංගි නැතුව එයාගේ තාත්තා කොහොම ඉදිද මන්දා.

Advertisement

රූපවාහිනියේ කාර් රේස් එක සම්බන්ධව පෙන්නුවාම මෙයාට යන්නම ඕනෑ වුණා බලන්න. දිනුෂිකා චුටි නංගි එයාගේ තාත්තාටයි සීයාටයි මේ බව කිව්වා. ඇත්තටම අපේ වත්තේ කට්ටියක් එකක් කාර් රේස් එක බලන්න බස් එකක් අරන් ගියේ චුටි නංගිගේ උවමනාවටමයි.

Advertisement

දිනුෂිකා නංගි ඇතුළු වත්තේ අය 27 උදේ ගිහින් තියෙනවා. මේ ගොල්ලන් තරගය බලන්න ගිහින් තියෙන්නේ පාර අද්දරම තියෙන පුටුවල වාඩිවෙලා බව එහෙ ගිය අය මාත් එක්ක කිව්වා.

Advertisement

සීයාගේ උකුලේ තමයි දිනුෂිකා චුටි නංගි ඉදලා තියෙන්නේ. තරගය බලන්න ගිය අය තමයි සියායි චුටි නංගි හිටිපු පුටුව උඩට කාර් එකක් පෙරළිලා විසිවුණා කියලා. චුටි නංගිට ඒ වෙලාවෙි මොනවා හිතුණාද දන්නේනෑ.

Advertisement

එයා අන්තිමට කිව්වේ අපි ගිහින් එන්නම් කියලා තමයි. ඒත් චුටි නංගිවත් මාමාවත් ආයිමත් අපේ ගෙදරට එන්නේ නෑ කියලා හිතුණාම එන්නේ. ආයෙමත් අපේ ගෙදර රූපවාහිනිය බලන්නත් එන්නේ නෑ. එයාගේ ආසාව තිබුණේ කාර් රේස් බලන්න. අන්තිමට කාර් රේස් එකක් බලලා මාමායි දිනුෂිකා නංගි අපිට නැති වුණා යැයි මෙම විස්තර පැවසූ ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය කීවාය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *