Latest Articles
Search

පියවරුන්ට සුබ ආරංචියක්

339

දරු ප්‍රසූතියේ දී පියවරුන්ට ප්‍රසූතාගාරය තුළ සිටීමට අවස්ථාව ලබා දීමට කාසල් වීදියේ කාන්තා රෝහල නව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

Advertisement

මෙම වැඩපිළිවෙල දියත් කළ ප්‍රථම රජයේ රෝහල මෙය වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා කියා සිටියේ ය.

Advertisement

එහි මාතෘ වාට්ටුවේ සෑම මවකටම වෙන වෙනම කාමර සකස් කර ඇති අතර ඒ අනුව දරු ප්‍රසූතියේ දී සැමියාට තමා සමඟ සිටීමට අවස්ථාව සැලසෙයි.

Advertisement

ඒ තුළින් මවට යහපත් මානසික තත්ත්වයකින් දරුවා ප්‍රසූත කිරීමට හැකි වන බව ඒ මහතා පැවසීය.

Advertisement

කෙසේ වෙතත්, මෙම වැඩසටහන තුළින් මවගේ වේදනාව දෙදෙනා අතර බෙදාහදා ගැනීමට හැකිවන බවත්, අඹුසැමි සබඳතා මෙන්ම දෙමාපිය දූදරු සබඳතාව වඩාත් ශක්තිමත් වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *