Latest Articles
Search

ඩුබායිවලදී ලාංකිකයින් 2ක් එකවර මරුට – මරණවලට හේතුවක් තවම සොයාගෙන නෑ

226

ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත්  ප්‍රදේශ දෙකක ඩුබායි රටේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු එකවර මරණයට පත්ව ඇතිබවට තොරතුරු ලැබී ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Advertisement

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව කිරිවැල්කැළේ එස්. එම්. ජී. වත්ත පදිංචි පී. එම්. සඳුන් මධුසංක නැමති  28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සහ ආරච්චිකට්ටුව ඇන්ටන්විල්වත්ත අංක 343 පදිංචි මොහන්දිරම්ලාගේ රමේෂ් උදාර තිළිණ නැමති 42 හැවරිදි දෙදරු පියෙකි.

Advertisement

මෙම පුද්ගලයින් මීට  වසර හතරකට සහ දෙකකට පෙර කුරුණෑගල ප්‍ර දේශයේ ප්‍රසිද්ධ ඒජන්සියකින් ඩුබායි රටේ රැකියාවකට ගොස් ඇති බව ඥාතීන් පවසයි.

Advertisement

මෙම පුද්ගලයින් සෑම දිනකම සිය ඥාතීන් සමග දුරකථන මාරගයෙන් සම්බන්ධතා පවත්වාගන ගොස් ඇතිබවත්  මරණයට පත්වීමට දින කීපයකට පෙර තමන් අසනීප තත්වයකින් පසුවන බව මෙරට වාසය කරන සිය ඥාතීන් සමග පවසා ඇත.

Advertisement

අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් එරට රෝහලට ඇතුලත් කීරීමෙන් පසු පසුගිය 30 වැනිදා මරණයට පත්ව ඇතිබව එරට රෝහල් ආරංචි මාර්ග පවසයි.

Advertisement

ඥාතීන් පවසන්නේ මෙම මරණ සමබන්ධයෙන් ශ්‍රී ලංකා රජය මැදිහත්ව මෙරටට මෘත ශරීර ගෙන්වා විධිමත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා මරණවලට හේතු සොයා දෙන ලෙසයි.

Advertisement

මෘතශරීර මෙරටට ගෙන්වා ගැනීමට එක් මෘත ශරීරයක් සඳහා රුපියල් ලක්ෂ 12ට අධික මුදලක් වැයවන බවත් ඒසා විශෘල මුදලක් සිය ඥාතීන්ට වැය කිරීමට නොහැකි බවත් පවසන ඥාතීන් මේ සමබන්ධයෙන් රජයෙන් සහනයක් ලබා දෙන ලෙසටත් ඥාතීන් ඉල්ලීමක් කරයි.

Advertisement

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී එහි බළධාරීන් ප්‍රකාශ කර සිටියේ නීත්‍යානුකූල ලෙස විදෙස්ගතව සිටියදී එමරට තුළ මරණයක් සිදුවුවහොත් විදෙස් කටයුතු අමාත්‍යංශය මගින් යම් ප්‍රමාණයක් මුදලක් මෙරටට ගෙන ඒමට ලබාදෙන බවත් මෘත ශරීර සම්බන්ධයෙන් අදාල වෛද්‍ය පරීක්ෂණ පශ්චාත් මරණ පරීක්ෂ සිදු කිරීමටද කටයුතු කරන බවයි.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *