Latest Articles
Search

දහසකුත් බලාපොරොත්තු මධ්‍යයේ විදෙස් ගත වු සඳමාලිට නොසිතූ මොහොතක සිදු වූ අවාසනාවන්ත සිදුවීමේ ඇත්ත කතාව

160

වසර ගනනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්වය නිසා  ,  එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී , විදුලි සැර වැදී මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Advertisement

කළුතර , මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ අවිවාහක තරුණියකි.

Advertisement

ඇය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සිටි ශිෂ්‍යයාවකි .

Advertisement

ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජ් හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11 ක කාළයක් සේවය කරමින් සිටියාය.

Advertisement

ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යාමට පැමිණ තිබුණි.

Advertisement

ඒ වනවිට වසර ගනනාවකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව නිසා සාජා නුවර ද ගංවතුර ආපදා තත්වයක් ඇති වී තිබුණි.

Advertisement

ඇය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර , මෙම ගංවතුර තත්වයත් සමග මෙම විදුලි පද්ධතිය කාන්දු වීමට පටන් ගෙන තිබෙනවා.

Advertisement

මේ බැව් නොදත් ජයමිණි සදමාලි විජේසිංහ ද මෙම ගංවතුරට බසිත්ම , විදුලි සැර වැදීමට ලක් වී තිබුණි.

Advertisement

ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට , බංගලදේශ ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.

Advertisement

ජයමිණිට විදුලි සැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ , එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටූවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

Advertisement

ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයගේ වැඩිමහල් සොහොයුරු මේ පිළිබඳව අදහස් දක්වමින් , තමන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික නිලධාරීවරයෙකු බවත් , මෙම භූගත විදුලි බල පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රීය වී නොතිබීම සහ එම පද්ධතිය ගංවතුර ආපදා තත්වය තුළ දී අක්‍රීය කිරීමට පියවර නොගැනීම පිළිබඳ සජා නුවර එරට විදුලි බල මණ්ඩලය වෙත චෝදනා ඉදිරිපත් කළා.

Advertisement

තමන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසන ලෙස තමන්ව දැනුවත් කළ බව ඒ මහතා පැවසුවා.

Advertisement

ජයමිණි සේවය කළ ආයතනය මෙම මළ සිරුර ශ්‍රී ලංකාවට එවීම සදහා බරපැන දරා තිබූ අතර තවත් ඩිරාම් 4,000 ක් ද එවා තිබූ බව ද එම සොහොයුරා පැවසුවා.

Advertisement

එහෙත් එරට රජයේ අතපසු වීමක් නිසා මෙම මරණය සිදු වී ඇති බැවින් මෙහි සියලුම වගකීම ඔවුන් දැරිය යුතු බව ඔහුගේ අදහස වී තිබෙනවා.

Advertisement

ජයමිණිගේ සිරුර අද (03) අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර එය භාර ගැනීමට ජයමිණිගේ අම්මා , නංගී , සහෝදරයා ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

Advertisement

මෙම මළ සිරුර පිළිබඳව එරට මගින් සිදු කර එවා ඇති  පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නොපිළිගන්නා අතර ඔවුන් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස  ඉල්ලා ඇති අතර , එය කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ මෙහෙය වීමෙන් මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

Advertisement

ජයමිණි සදමාලි විජේසිංහගේ අවසන් කටයුතු 04/04 දින මතුගම පොදු සුසාන භූමියේ දී පැවැත්වීමට නියමිතය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *