Latest Articles
Search

දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකු වස පානය කරලා- අවුරුද්දකට පෙර සමෘද්ධිය කපා ඉවත්කරලා

85

තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.  තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කරන්නට ඇතැයි සැක කෙරේ.

Advertisement

තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ යනුවෙන් හඬමින් සිට ඇති බවත් ඔහුගේ කීය. එකවරම බිම ඇදගෙන වැටි වමන කරමින් සිටි තම සාම්පුරුෂයා වස පානය කරන්නට ඇති කියන සැකය මත  සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කර බවද ඇය සඳහන් කළේය.

Advertisement

මේ පිළිබඳව සොයා බැලීම සඳහා අපේ ගිය අවස්ථාවේ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරයා එම ස්ථානයට පැමිණ සිටි බවත් නිලධාරියා එම බිරිඳගෙන් විමසා සිටියේ සමෘද්ධිය නැද්ද යන්නයි.

Advertisement

ඇය සඳහන් කළේ මීට වසරකට පෙර සමෘද්ධිය කපා ඉවත්කර බවයි. ඒ වෙනුවට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් සඳහන් කළද මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබුණු බව සඳහන් කළේය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *