Latest Articles
Search

අතුරුදන් වූ සැමියා සොයාගන්න දේවාලෙට ආපු තරුණිය දැක කපුමහත්තයා ආවේශයෙන් දුවයි

282
අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තා වෙනවා.

Advertisement
සිද්ධිය මෙසේ ය.

Advertisement
ඇය ඉතා රූමත් ධනවත් පවුලක කාන්තාවක වන අතර ඇය විවාහ වූ සැමියා එතරම් වත්පොහොසත් කම් තිබූ පුද්ගලයකු නොවේ. ඔහු උපතින් ම ගෙනා කපටිකම ඇරෙන්නට ඔහු සතුව වෙනත් කිසිදු වටිනා දෙයක් නොතැබිණි.

Advertisement
කෙසේ වෙතත් ඔහු විවාහ වූ කාන්තාවට ඔහුගෙන් දරුවෝ දෙදෙනෙක් සිටිති. ඔහු ගැන කිසිදු සොයා බැලීමක් නොකර ඔහු හා ඇය විවාහ වී ඇත්තේ ඉතා ළාබාල අවදියක ය. ඔහුගේ කපටිකම් දැනගන්නා විට ඇය ඔහු අතින් අමාරුවේ වැටී අවසන්ය.

Advertisement

ඔහුගේ අතින් තවත් තරුණියන් කිහිපදෙනකුම අමාරුවේ වැටී ඇති අතර ඇයව ඔහු විවාහ කරගෙන ඇත්තේ ඇයගේ ධනවත්කම නිසාමය. විවාහ වුවත් ඔහු පරණ සල්ලාලකම් අත් නොහැරි අතර පෙර සේම තරුණියන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ගොස් ඇත.

Advertisement
මෙලෙස එක් තරුණියක මොහුගේ අතින් අමාරුවේ වැටී ඇති අතර, ඇය ඉතා දුප්පත් තරුණියක වූවත් ඇයගේ සහෝදරයා ගමේ චණ්ඩියකු නිසා ඇයට ඔහු භාර ගැනීමට සිදුවී ඇත. රස්සාවක් නොකරන හෙයින් ඇය නඩත්තු කර ගැනීමට නොහැකි බැවින් ඔහු ඈත පළාතකට ගොස් බොරු ආරූඪයක් රැගෙන දේවාලයක් පවත්වාගෙන ගොස් ඇත.

Advertisement
මේ අතර ඔහුගේ කලින් බිරිය මොහු සොයා බැරිම තැන මෙම දේවාලය පිළිබඳව ආරංචි වී මිතුරියක සමඟ එම දේවාලයට ගොස් ඇත්තේ මොහු පිළිබඳව තොරතුරු විමසීමටය.

Advertisement
දේවාලයට ගොස් සිටිය දී ඔහු ආරූඪ වී පැමිණ සිටින්නේ තම කලින් බිරිඳ බව නොදැන සාත්තර කීමට පටන් ගෙන ඇත. එක්වරම ඔහු පැමිණ සිටි කාන්තාව දෙස බලා ඇත්තේ ඇයත් සැමියා හැර ගොස් ඇති බැවින් ඔහුට නම්මා ගැනීමට පුළුවන් දැයි විමසීමටය.

Advertisement
එහෙත් සිදු වූයේ අනෙකකි. පැමිණ සිටින්නේ තම කලින් බිරිය බව දුටු ඔහු හීන් දාඩිය දමා දෙවියන් සිහිකර සිය බොරු ආරූඪය දෙපාවලට ගෙන හැකි තරම් වේගයෙන් දිව ගොස් ඇත්තේ දෙවියන්ද පෙරළා ගෙනය.

Advertisement
කලින් බිරිය ද අන්දුන් කුන්දුන් වී මේ කපුවකු ලෙස සිටින්නේ තම කලින් සැමියා බව දැනගෙන ඔහුගේ ගැබ් ගත් බිරිඳගෙන් විස්තර විමසා ආපසු ගොස් ඇත්තේ දේවාලයට නොව නීතිඥ මහතකු හමු වී දික්කසාද නඩු දැමීමටය.

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *