Latest Articles
Search

පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරැළෙයි

903

පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.

Advertisement

අනතුරින් රියදුරා ද ඇතුළු බස් රියේ ගමන් කරමින් සිටි 45 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු නමුත්, අට හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්තාය.

Advertisement

ඇය හෙලිකොප්ටර් ආධාරයෙන් රෝහලකට රැගෙන යෑමට සහන සේවකයෝ කටයුතු කළහ. බස් රිය අනතුරට පත්වූයේ දකුණු අප්‍රිකාවේ, ලිම්පෝපෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදීය.

Advertisement

පාස්කු දේව මෙහෙයකට සහභාගී වීමට බැතිමතුන් සමඟ එම බස් රිය අසල්වැසි බොට්ස්වානා රාජ්‍යයේ ගබෝන් සිට පැමිණි බව දකුණු අප්‍රිකා ප්‍රවාහන අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Advertisement

අනතුර සිදුවූයේ බස් රථය මමට්ලක්කාලා කඳුකර මාර්ගයේ ගමන් කරද්දීය. ප්‍රපාතයට වැටුණු බස් රිය ගිනිගත් බව ද පැවැසෙයි.

Advertisement

අනතුරට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *