BREAKING NEWS
Search

පොත් තුනක් නැති නිසා දරුවන් තිදෙනෙක් පාසල් ගමන නවත්තලා

120

අභ්‍යාස පොත් තුනක් නොමැතිව සතියක් මුළුල්ලේ පාසල නොයන දරුවන් තිදෙනකු තන්තිරිමලේ කටුකැලියාවේ දී අපට හමු විය.

එම දරුවන්ගේ පියාගේ අක්මාවේ සැත්කමක් නිසා වසර දෙක තුනක් රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිඳ වන ජේ.ප්‍රදීපා ජයලත් කුමාරි (30) මහත්මිය පැවසුවාය.

දරුවන් සිවු දෙනකුගෙය් යුතු පවුලේ දරුවෝ තුන් දෙනෙක් තවමත් අධ්‍යාපනය හදාරති. වැඩිමහල් දරුවා  ඇලයා පත්තුව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බවත් පාසල් යැවීමට බස් වියදම දරා ගැනීමට බැරි නිසා තම්බියාවේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව මව පැවැසුවාය. එයා ශිෂ්‍යත්වයත් හොදට පාස්.හොඳට ඉගෙන ගන්න පුළුවන්ධ ර්මපාල විද්‍යාලයට ඇතුළත් කරලා දැනට සතියක් විතර වන බව ද ඇය කීවාය.

ඒ දරුවාට සී.ආර් පොත් තුනක් ඕන.ඇරන් දෙන්න විදිහක් නෑ.ඊයෙ රෑට කෑවෙත් පලා කොළ ටිකක් නිකං මලවලා,අල හොද්දක් හදලා දරුවන්ට කන්න දුන්නා.අද උදේට සම්බෝලයි බතුයි.දවල්ට ඉතින් මොකවත්ම නැහැ.පොඩි දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ යැව්වේ නැත්තේ ගොඩක් අඩුපාඩුකම් තියෙන නිසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *