සම ලස්සනට තියාගන්න කැමතිද? දෙළුම් යුෂ පානය කිරීමෙන් ඔබට ලබා ගත හැකි ප්‍රතිලාභ

356

වෙළඳපොලේ තරමක් මිල අධික උනත් බොහෝ දෙනෙක් කැමති පලතුරක් තමයි දෙළුම් කියන්නේ.පුරාණ කාලයේ සිටම දෙළුම් යුෂ විවිධ රෝගවලින් පෙළෙන අය සඳහා ලබා දෙන්නේ එය ප්‍රති ඔක්සිකාරක, තන්තු , විටමින් සහ ඛනිජ ලවණ වලින් වඩාත් පොහොසත් වන නිසාය.ඒ අනුව නැවුම් දෙළුම් යුෂ යනු පෝෂණ බලාගාරයක් ලෙසත් ඇතමුන් සලකනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ දෙළුම් යුෂ පානය කිරීම මගින් ඔබට ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය ප්‍රතිලාභ ගැනයි

Advertisement

සමේ ඇතිවන පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වෙයි

දෙළුම් යුෂ වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් සම වයසට යාමේ ලකුණු ඇති වීම ප්‍රමාද කරන අතර , සම හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන හානිකර තත්වයන්ද වළක්වයි.හිරු එළියට නිරාවරණය වීම සහ විවිධ පාරිසරික සාධක සමේ පිළිකා ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වන අතර විශේෂයෙන්ම UVB කිරණ සමට දරුණු ගණයේ හානිකර බලපෑම් එල්ල කරනවා. මෙම කිරණ මගින් ඇතිවන ඔක්සිකාරක ආතතියෙන් සමේ සෛල ආරක්ෂා කිරීමට දෙළුම් යුෂ වල ඇති ප්‍රතිඔක්සිකාරක වලට හැකියාව ඇත.

Advertisement

ගර්භණී සමයේ දී ප්‍රයෝජනවත් වේ

දෙළුම් යුෂ පානය කිරීම ගර්භණී සමයේදී ඇතිවන විවිධ සංකූලතා අඩු කරනවා.විශේෂයෙන්ම දිගින් දිගටම වමනය සහ ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති ගර්භණී මවුවරුන් සඳහා දෙළුම් යුෂ පානය කිරීමට වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.

Advertisement

හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි

දෙළුම් වැනි පොලිෆෙනොලික් සංයෝගවලින් පොහොසත් පලතුරු ආහාරයට ගැනීම මගින් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කර ගැනීමට හැකිවන බවත්,දෙළුම් යුෂ මගින් ධමනි වල ඔක්සිකාරක ආතතිය සහ දැවිල්ල අඩු කිරීමටත් , ධමනි සිහින් වීම සඳහා සටන් කිරීමටත් උපකාරී වන බවත් සමහර පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.

Advertisement

Advertisement

මුත්‍රා සෞඛ්‍යයට සහාය වෙයි

දෙළුම් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් වකුගඩුවල ගල් ඇතිවීම පාලනය කරනවා.එමගින් මුත්‍රා සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සිදු කෙරෙන බව මානව අධ්‍යනයන් මගින් සොයාගෙන තිබෙනවා

Advertisement

මොළයේ ආරක්ෂිත බව වැඩි කරයි

දෙළුම් වල ellagitannins නම් සංයෝග අඩංගු වන අතර එය ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කර ශරීරයේ දැවිල්ල අඩු කරනවා. එනිසා, දෙළුම් යුෂ පානය මගින් දැවිල්ල සහ ඔක්සිකාරක ආතතියෙන් බලපෑමට ලක්වන තත්වයන්ට එරෙහිව ඔබේ මොළයට ආරක්ෂිත ප්‍රතිලාභ ද ලබා දෙනවා.සමහර අධ්‍යයනයන් සොයාගෙන ඇත්තේ ඔක්සිකාරක හානි අවම කිරීම සහ මොළයේ සෛලවල පැවැත්ම වැඩි කිරීම මගින් ඇල්සයිමර් රෝගය සහ පාකින්සන් රෝගය වර්ධනය වීමෙන් මොළය ආරක්ෂා කිරීමට ellagitannins උපකාර වන බවයි

Advertisement

ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වේ

ආහාර දිරවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීමට නම් අප දිනපතා දිනපතාම ආහාර මඟින් අපගේ ශරීරයට තන්තු වැඩි වශයෙන් ලබා ගත යුතුයි. දෙලුම් යනු තන්තු වලින් පොහොසත් පලතුරක් නිසා දෙළුම් යුෂ පානය කිරීම මගින් ශරීරයට අවශ්‍ය තන්තු ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.එමඟින් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කෙරෙනවා

Advertisement

හිසකෙස් වර්ධනය වේගවත් කරයි

දෙලුම් යනු ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විත පලතුරක් බව ඔබ දන්නවා.එපමනක් නොවෙයි හිස කෙස් වර්ධනය උත්තේජනය කරන සංඝටක ද දෙලුම් වල අඩංගු වනවා.එම සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරමින් කෙස් කළඹ ශක්තිමත් කරනවා.

Advertisement

අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කරයි

2013 වර්ෂයේ දී කෙරුණු අධ්‍යයනයකින් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන අයට සහ එම රෝග ලක්ෂණ පවතින අයට දෙළුම් යුෂ පානය කිරීම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව සොයාගෙන තිබෙනවා. තවද උදෑසන කිරි වීදුරුවක් වෙනුවට දෙළුම් යුෂ වීදුරුවක් පානය කිරීම ද අස්ථි පද්ධතියේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට හේතු වනවා.

Advertisement

බර පාලනය කර ගැනීමට උපකාරී වෙයි

දෙළුම් යනු තන්තු වලින් පොහොසත් පලතුරක් නිසා එය ආහාරයට ගැනීම මගින් හෝ යුෂ පානය කිරීම මගින් ඔබට ඉක්මනින් පූර්ණ බවක් දැනෙනවා.එමඟින් ඔබ නිතර නිතර ආහාර ගැනීම සහ වැඩිපුර ආහාර ගැනීම වැලැක්වී ඔබේ බර පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *