Latest Articles
Search

ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව රවටනවා ද?

299

ඔබටත් සහකරු හෝ සහකාරිය, නැතිනම් පෙම්වතා පෙම්වතිය යම් යම් රැවටීම් සිදුකර ඔබට හසුවූ අවස්ථා පිළිබද අත්දැකීම් ඇති.. ඒ සෑම විටකදීම ඔබ කෝපයට, කළකිරීමට, වේදනාවට පත්වන්න ඇති.. නමුත් ඒ සියල්ලටම වඩා ඔවුන් එසේ කලේ “ඇයි” යන්න සම්බන්ධයෙන් ඔබ කල්පනා කරන්න ඇති.

Advertisement

සම්බන්ධතා තුළදී පුද්ගල‍යින් රැවටීම් සිදුකරන්නේ ඇයිදැයි මෙතෙක් නිශ්චිත හේතුවක් සොයාගෙන නැති අතර පර්‍යේශකයින් විසින් ආදර සම්බන්ධතාවයන් තුළදී යම් යම් රැවටීම් සිදුකල කාන්තාවන් සහ පිරිමින් 495 දෙනෙකු යොදාගෙන සිදුකරන ලද පර්යේශනයකින් එසේ රැවටීමට අදාල නිශ්චිත හේතුව නොව ඊට බලපානු ලබන හේතුන් 8ක් පිළිබදව අනාවරණ කෙරුණා..

Advertisement

සම්බන්ධතාවලදී පුද්ගලයින් රැවටීම් සිදුකරන්නේ ඇයි..?

කෝපය හෝ පළිගැනීම

සමහර පුද්ගලයින් කෝපය නිසා හෝ පළිගැනීමේ ආශාව නිසා රැවටීම සිදුකරනවා.. මෙහිදී ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ තම සිතේ ඇති තරහව / කෝපය පිට කර ගැනීම හෝ පලිගැනීම සම්පූර්ණ කර ගැනීමයි. උදාහරණයක් ලෙස යම් දෙයක් සඳහා ඔබගේ සහකරු ඔබව රැවටීමට ලක්කර ඇති බව ඔබ දැනගත් විට ඔබට මුලින්ම පුදුමයක්, වේදනාවක් දැනෙන අතර ඊළග මොහොතේ ඔබගේ සිතටත් ඔහුට/ ඇයටත් එම වේදනාව හෝ හැගීම දැනවීමට අවශ්‍ය වුණා නේද.. එසේනම් යමෙකු රැවටීමට පොළඹවනු ලබන ප්‍රධානතම හැගීමක් ලෙස “ඔහු හෝ ඇය මට රිදවූවා, එසේනම් මමත් ඔවුන්ට එම එය සිදුකරනවා” යන පළිගැනීමේ හැඟීමයි.

Advertisement

පළිගැනීමේ මානසිකත්වයට අමතරව සම්බන්ධතා තුලදී එකිනෙකා කෙරෙහි ගොඩනැගෙන පහත දැක්වෙන හේතුන් රැවටීම කෙරෙහි යොමු වීමට බලපානු ලබනවා.

Advertisement

– ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබගේ හැගීම්, අවශ්‍යතා පිලිබද අවබෝධයකින් කටයුතු නොකරන විට ඇතිවෙන කලකිරීම
– සහකරු හෝ සහකරිය ඔබ සමීපයේ නොමැති වීම
– තර්කයකින් පසු ඇතිවන කෝපය හෝ කලකිරීම
– මූලික වශයෙන් බලපානු ලබන කවර හැඟීමකට වඩා කෝපය පුද්ගලයකු සමීප වීම/ ඈත් කරවීම කෙරෙහි බලපාන ප්‍රබල හේතු කාරකයක් ලෙස ක්‍රියාකරනු ලබනවා.

Advertisement

2. ආදරය බිද වැටීම

යම් පුද්ගලයකු හා ආදරයෙන් බැඳීම ප්‍රීතිදායකයි.. එවිට ඔවුන්ගෙන් ලැබෙන කෙටි පණිවුඩයකින් පවා ඔබ කුල්මත් වන අතර සෑමවිටම ඔබට නැවුම් උත්තේජනයක් ලබාදෙනවා.. නමුත් මෙම හැඟීම කාලයක් ගතවත්ම අඩුවී යාම සිදුවන අතර එවිට ඇතැම් විට ඔබ එම පුදගලයාට සත්‍යවශයෙන්ම ආදරෙයිද යන්න ගැටළුවක් වන අතර නැතිනම් වෙනත් කෙනෙකු කෙරේ ආලයක් ඇතිවීම සිදුවනවා. නමුත් එහි අර්ථය ඔබ දෙදෙනා එකිනෙකාගෙන් ඈත්වීම නොවෙයි. පවුලෙන්, ඉන් ලැබෙන ආරක්ශාව තුළින් ඈත්වීම අපහසු නමුත් ඇතැම් විට එකිනෙකා කෙරෙහි දක්වන ආදරය අඩුවීම නිසා සැකය, අවිනිශ්චිතභාවය ඇතිවනවා.

Advertisement

3. ස්ථානීය සාධක සහ අවස්ථාවන්

ඇතැම් අවස්ථාවලදී අවස්ථාවන් නිර්මාණය වීම මත රැවටීමට පෙළඹවෙනවා.. නමුත් මෙහිදී එසේ අවස්ථාවක් උදාවන සෑමවිටම හෝ සෑම පුද්ගලයකුම එසේ රැවටීමට ලක්කරන බව අදහස් වන්නේ නැහැ.. නමුත් පහත සඳහන් අවස්තාවන් තුළ එක් සහකරුවකු කෙරෙහි අනෙකාගේ සිතතුල සැකයන් ඇතිවීම සිදුවනවා.
– අධික ලෙස බීමත්ව සිටි අවස්ථාවක යම් ස්ත්‍රියක හෝ පුරුශයකු සමග දුරගිය සබඳතාවක් ඇතිවන්න ඇතැයි යන්න..
– දැඩි මානසික ගැටළුවකට පසුව කායික සන්තර්පනයන් අවශ්‍ය වීම
– කායික හා මානසික වශයෙන් එකිනෙකා සම සම්බන්ධතා ඇතිවන පරිසරයක ජීවත් වීම හෝ රැකියාව කිරීම.

Advertisement

4. එකිනෙකා කෙරෙහි ඇති කැපවීම සම්බන්ධ ගැටළු

එකිනෙකා කෙරෙහි කැපවීමට වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නොවීමත් සම්බන්ධතාවයක් තුලදී අනෙක් පාර්ශවය රැවටීමට හෝ බොරුවක් කීමට හේතුවනවා.. සම්බන්ධතා තුළදී දෙදෙනා තුල වන පරස්පරතාවයන්, නොගැලපීම්, අදහස් නිසා බොහෝවිට එය සිදුවනවා. උදාහරනයක් ලෙස එක් පාර්ශවයක් නිතර නිතර මුණ ගැසීමට, දුරකතන ඔස්සේ හෝ නිතර නිතර කතාබස් කිරීමට කැමති නමුත් අනික් පාර්ශවය එසේ අකමැතිනම් බොහෝ විට රාජකාරි නිසා කාර්‍යබහුලබව හෝ වෙනත් හේතුන් පවසා එය මගහැරීම සිදුකරනු ලබනවා. ඊට අමතර කැපවීම අඩුවීම කෙරෙහි පහත හේතූන්ද බලපානු ලබනවා.

Advertisement

– සම්බන්ධතාවය ඉදිරියට ගෙනයම කෙරෙහි ඇති උනන්දුව අඩුවීම
– පවතින සබදතාවයට වඩා වෙනත් සම්බන්ධයක අවශ්‍යතාව
– සම්බන්ධතාවය අවසන් කිරීමට අවශ්‍ය වූ විට

Advertisement

5. එකිනෙකාගෙ අවශ්‍යතා සම්පූර්ණ නොවීම

එකිනෙකාගේ අවශ්‍යතා සහ සිතැඟි සම්බන්ධතාවය තුලදී ඉටුවන්නේ නැති නම් හෝ නොගැලපේ නම් සම්බන්ධතාවය තුලදී කලකිරීම් ඇතිවනවා. එකිනෙකාගේ නොගැලපීම් ගලපා ගැනීමට උත්සාහ කලත් එය ඉටු නොවීමෙන් අපේක්ශාභංගත්වයට පතවන අතර ඒවා වෙනත් පාර්ශවයකගෙන් ඉටු කිරීමට උත්සාහ කිරීමේදි දෙදෙනා අතර ගැටළු ඇතිවීමට ඉඩ තිබෙනවා. එවිට බොහෝ විට,

Advertisement

– දෙදෙනාගේ ලිංගික රුචිකත්වය අසමාන වූ විට
– එක් සහකරුවකු ලිංගිකව හැසිරීමට දක්වන අකමැත්ත
– දෙදෙනාම හෝ එක් අයෙකු බොහෝ විට නිවසින් බැහැරව කාලය ගතකිරිම

Advertisement

එමෙන්ම අදහස් අතින් දෙදෙනා පරස්පරවිරෝධි වීමද සම්බන්ධතාවයන්ගෙන් බැහැර වීමට බලපානු ලබන මූලික හේතුවකි. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබගේ සිතුම් පැතුම් වලට නොගැලපේ නම්, ඔබට හැගෙන, දැනෙන දේ බෙදා ගැනීමට උනන්දු නොවන්නේ නම් වෙනත් කෙනෙකු කෙරෙහි ආකර්ශනය වීමට ඉඩ තිබෙනවා.

Advertisement

6. ලිංගික අභිරුචිය සහ විවිධත්වයක් අපේක්ශා කිරීම

ලිංගික රුචිකත්වය ඇතැම් පුද්ගලයන් රැවටීමට හේතුවක් වනවා. එමෙන්ම එක් සහකරුවකු ලිංගිකත්වය කෙරෙහි දක්වන ඍණාත්මක ප්‍රතිචාර අව්ශ්වාසය වර්ධනය වීමට බලපානු ලබනවා. එක් පාර්ශවයකට ඇති අධික ලිංගික රුචිකත්වය ඇතැම් විට සම්බන්ධතා තුලදී අනෙක් පාර්ශවය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතර සබදතා බිද වැටීමට හේතුවනවා.
එමෙන්ම සම්බන්ධතාවයන් තුල විශේෂයෙන් ලිංගික සම්බන්ධතා සදහා ඇතැම් සහකරුවන් හෝ කාරියන් විවිධත්වයක් අපේක්ශා කරනවා.. ඒකාකාරි රටාවට වඩා වේගවත් විවිධ වූ ශෛලීන් අත් හදා බැලීමට ඔවුන් තුල ඇත්තේ දැඩි කැමැත්තක්.. විශේෂයෙන් විවිධත්වය ලෙස බොහෝවිට පහත දෑ ඔවුන් අපේක්ශා කරනවා..

Advertisement

– විවිධ සංවාදශීලි පෙළඹවීම්
– විවිධ ලිංගික නොවන අත්දැකීම් සඳහා කැමැත්ත
– වෙනත් පුද්ගලයින් කෙරෙහි ආකර්ශනය
– තම සහකරු හෝ සහකාරියට අමතරව වෙනත් පාර්ශවයන් සමග ඇති සබඳතා

Advertisement

ඊට අමතරව සහකරු හෝ සහකාරිය පහසුවෙන් විවිධ පුද්ගලයන් වෙත ආකර්ශනය වීමද සබඳතා තුල අන් පාර්ශවය රැවටීමට ලක්කිරිමට හේතුවනවා.. බොහෝ විට එක් පාර්ශවයක් සදහා පමණක් සීමා වී සිටීම මෙවැනි පුද්ගලයින් හට ඉතා අසීරු වනවා.

Advertisement

7. ආත්ම අභිමානය සම්බන්ධ ගැටළු

ඔබගේ සහකරු හෝ සහකාරිය ආත්ම අභිමානය සම්බන්ධයෙන් ඇති යම් යම් ගැටළු ඇතැම් විට ඔවුන් ඔබව රැවටීමට ලක්කිරීමට හේතු වනවා.

Advertisement

රැවටීම හෝ ඊට ගොදුරුවීමෙන් වන බලපෑම නැවත යථා තත්ත්වයට පත්කර ගන්නේ කෙසේද..?

Advertisement

සම්බන්ධතාවයක් තුලදී තම සහකරු හෝ සහකාරිය රැවටීමට ලක්කරත් ඔවුන් තම සහකරුට හෝ සහකාරියට ආදරය කරන අතර ඔවුන් රිදවීමේ අපේක්ශාවක් ඔවුන් තුල නැතිවීමට පුලුවන්.. ඇතැම් විට ඔවුන් අවස්ථානුකූලව තම සහකරුට හෝ සහකාරියට බොරුවක් කලත් පසුව එය නිවරදි කිරීමට උත්සාහ දරනවා. නමුත් සබදතාවයකිදී එක් පාර්ශවයක් රැවටීම මගින් ඇතැම් විට එම සබදතාවයට අහිතකර බලපෑම් එල්ල වනවා. එමගින් එයට හානි සිදුවිය හැකියි. යම් කිසි රැවටීමක් කිරීම හෝ රැවටීම පිලිබද දැනගැනීමෙන් සබඳතා අවසන් නොවේ.. එම ගැටළු විසදාගෙන ඉදිරියට යාම වැදගත්වනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *