Latest Articles
Search

Online මුදල් සෙවීමෙන් අමාරුවේ වැටෙන්න එපා.

207

වර්තමානයේ බෙහෙවින්ම කතා කරන මාතෘකාවක් තමයි E-Money කියල කියන්නෙ.මේ ගැන එක එක අය එක එක විදියට කතා කරනවා. ලෝකයම දරුණු වසංගතයකට මුහුණ පා සිටීම හේතුවෙන් මෑත වසර දෙක ඇතුළත E Money ගැන ගොඩක් අය උනන්දුවක් දක්වන්න පටන් ගත්තා . ඒ නිසා අද අපි හිතුවා E Money ගැන කතා කරන්න.

Advertisement

මොකක්ද මේ E Money කියන්නේ ?

E Money කියන්නෙ අන්තර්ජාලය(Online ) භාවිතයෙන් මුදල් ඉපයීමයි.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා.ඒ අතරින් ජනප්‍රියම කිහිපයක් ලෙස

Advertisement

වෙළඳ ඳැන්වීම් ප්‍රචාරණය (Advertising)
ඇඩ් ක්ලික් කිරීම (PTC)
ලිපි ලිවීම (iWriter)
විදේශ මුදල් විකිණීම (Forex)
මිනි ජොබ් (Mini Job)
Online ජොබ් කිරීම (ODesk,Freelancer,Elancer)
Fiverr

Advertisement

වෙළඳ ඳැන්වීම් ප්‍රචාරණය (Advertising)

අන්තර්ජාලය අද බොහෝම ප්‍රසිද්ධ මාධ්‍යක් බව කවුරුත් දන්නවනෙ.ඉතින් බොහෝ දෙනා ගැවසෙන ස්ථානවල දැන්වීම් ප්‍රචාරය කිරීම සාමාන්‍ය දෙයක්.ඒ වගේම තමයි බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි තුලත් දැන්වීම් ප්‍රචාරය කිරීම සිදුවෙනවා.

Advertisement

ඇඩ් ක්ලික් කිරීම (PTC)

අන්තර්ජාලය තුළින් මුදල් ඉපයීමේ ඉතා පහසුම ක්‍රමය වන්නේ මෙයයි.මෙහිදී සිදුවන්නේ PTC (BUX)වෙබ් අඩවි වල සාමාජිකයන් හට ඇඩ් ලබාදී ඒවා ක්ලික් කිරීමෙන් පසු ඉතා සුළු මුදලක් ඔවුන්ට ගෙවීමයි..නමුත් මෙයද එතරම් සාර්ථකයැයි කිව නොහැකියි.එයට හේතු කිහිපයක් තිබෙනවා.

Advertisement

ආරම්භයේදී ගෙවන මුදල 0.001 $ තරම් අඩු වීම.

Advertisement

95% PTC (BUX) අඩවි ව්‍යාජ ඒවා වීම (මුදල් ගෙවන්නේ නැත)

Advertisement

Refferal සාමාජිකයන් එකතු කරගැනීම මෙන්ම පවත්වාගෙන යාම බොහෝ අසීරුයි

Advertisement

PTC අඩවි වල පැවැත්ම තහවුරු කළ නොහැකි වීම

Advertisement

ලිපි ලිවීම (iWriter)

ඉංග්‍රීසි දැනුම, ලිවීම හා කියවීම හැකිනම් මෙය ඉතා අගනා ක්‍රමයකි.පුවත් පතකට රසවත්ව හා සිත් ඇද ගන්නා සුලුව ඉංග්‍රීසි ලිපි ලිවීම කළ යුතුය.එහි රසවත් හා නිවැරදිතාවයට සාධාරණ මුදලක් ඔබට ගෙවනවා.

Advertisement

භාණ්ඩ අලෙවි කිරීම (Forex)

මෙම ක්‍රමය තුළින් ඉතා ඉක්මනින් ලොකු මුදලක් ඉපයීමට පුළුවන් .භාණ්ඩ විකිණීම මෙහිදී මූලිකවම සිදු කෙරෙනවා.

Advertisement

මිනිජොබ්

මිනිජොබ් අඩවි තුළ එහි සාමාජිකයින් හට දෙනු ලබන කුඩා වැඩ සඳහා සාධාරණ මුදලක් ගෙවයි.ඔබගේ හැකියාව අනුව මෙයද යම්තාක් දුරට සාර්ථක වනවා .

Advertisement

Online ජොබ්

E Money තුළ Online ජොබ් කිරීමට අගනා ස්ථානයක් හිමිවෙනවා.මෙයට අදාල හොඳම වෙබ් අඩවිය ලෙස ODesk හඳුන්වන්න පුළුවන්.තමන්ට කළ හැකි Part Time Job තෝරා ගෙන ඒවා කර දීමෙන් විශාල මුදලක් සෙවිය හැකියි.

Advertisement

Fiverr

Fiverr කියල කියන්නෙ සරලවම කියනවා නම් site එකක්.ඔබට පරිඝනකය භාවිතයෙන් කරන්න පුළුවන් කුමක් හෝ වැඩක් ගැන දැන්වීමක් පල කර එය හරහා orders ලබාගෙන එය නිම කර දීම හරහා මුදල් සෙවීමක් මෙහිදී සිදු වනවා.

Advertisement

අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ වාසි

නිවසේ සිටම කළ හැකි වීම

Advertisement

අමතර ආදායම් ඉපයීමේ මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි වීම

Advertisement

සුළු මුදලක් පමණක් මූලිකව වැය වීම(අන්තර්ජාල බිල වැනි)

Advertisement

මුදල් ඉපයීම අසීමාන්තික වීම

Advertisement

විශාල දැනුමක් අවශ්‍ය නොවීම

Advertisement

E- Money සෙවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

web අඩවි හරහා මුදල් සෙවීමේදී නිවැරදි web අඩවි තෝරා ගැනීම අතිශය වැදගත්.එසේ නොමැති වුවහොත් ඔබේ කාලය මුදල් ශ්‍රමය යන සෑම දෙයක්ම නාස්ති වීම පමණක් සිදු වේ.

Advertisement

දවසෙන් දෙකෙන් ඔබ කෝටිපතියෙක් කළ හැකි දෙයක් ලෙස E- Money ගැන නොසිතන්න.එය ඔබේ ඉවසීම අධිෂ්ඨානය කැපවීම වැනි කාරණා මත පදනම් වේ.

Advertisement

මේ වන විට බොහෝ දෙනා මේ ගැන උනන්දුවක් දක්වන නිසා කුඨ ව්‍යාපාරකයින් E- Money සෙවීම ගැන විවිධ ආයතන පිහිටුවා ගනිමින් සමාජය දැනුවත් කරමින් සිටිනවා.විශාල මුදලක් අය කරමින් මෙය සිදු කරනු ලබනවා.එවැනි කුඨ ව්‍යාපාරකයින්ට නොරැවටෙන්න.

Advertisement

E Money තුළින් අසීමිත ලෙස මුදල් හොයන්න අමාරුයි.ඔබ මහන්සි වී මෙය කරනවා නම් එයට සරිලන ප්‍රතිඵල නම් ලැබෙනවා.එම නිසා කුඨ උපායන්ට නොරැවටී නිසි අධ්‍යනයකින් පසුව මෙම කටයුත්ත සිදු කරනවා නම් ඔබව ආමරුවේ වැටෙන්නේ නැති වෙන්න එය විශාල රුකුලක් වේවි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *