Latest Articles
Search

හෝටල් කාමරයේ කාන්තා මරණයේ සැකකරු කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුවට

552

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාමරයක් තුළ පසුගිය 24 වනදා තම බිරිඳ ඝාතනය කර පළාගොස් සිටි සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

සැකකරු අද (27) අලුයම බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Advertisement

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය ගෝනවල පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

Advertisement

පසුගිය 24 වනදා දින දහවල් හෝටල් කාමරය තුල තියුණු ආයුධයකින් පහරදිමෙන් ඝාතනයට ලක්ව තිබුණේ ඇටම්පිටිය කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු මවක්.

Advertisement

මේ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවලින් අනතුරුව සැකකරු හඳුනාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුවයි වස පානය කළ බව පවසමින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇත්තේ.

Advertisement

ඒ අනුව බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ කණ්ඩායමක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් සැකකරු බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

Advertisement

සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *