Latest Articles
Search

කෝටි හතේ මැණික ඉස්සූ කම්කරුවා සොයයි

277

ලග්ගල පොලිස් වසමට අයත් දේවාලදෙණිය, ඇල්පිටිය වත්තේ පිහිටි මැණික් ඉල්ලම් ගැරුම් පොළකදීහමු වී තිබූ රුපියල් කෝටි හතක් වටිනා මැණික් ගලක් සොරාගෙන ගියේ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Advertisement

මැණික් ගැරීමේ ගැරීම පතල පවත්වාගෙන යන හැට දෙහැවිරිදි ව්‍යාපාරිකයා මේ බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.

Advertisement

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ මැණික් ගැරීමේ ස්ථානයේ කම්කරුවකු වශයෙන් සේවය කරමින් සිටීපුද්ගලයා මැණික් ගැරීමේදී හමුවූ මෙම කෝටි හතක් වටිනා මැණික් ගල සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

Advertisement

කෝටි හතක් වටිනා මැණික් ගල හොරා ගෙන ගිය බව කියන පුද්ගලයා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Advertisement

නියඟයට සහන ගන්න කෝටි 10,000 ආභරණ උකස් පොළට

අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ.

Advertisement

ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

Advertisement

අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිති.

Advertisement

සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීහු පවසති.

Advertisement

මේ අතර ආර්ථික ගැටලු හේතුවෙන් රටපුරා ජනතාව රුපියල් කෝටි 68,729 කට වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවල උකසට තබා ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසිය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *