Latest Articles
Search

නාවික ජැටිය කඩන්වැටී වරාය නරබන්න ආපු සිසුන් ඇතුළු 19ක් රෝහලට

937

ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටිමෙන් අද (22) පස්වරුවේ වරාය නැරඹිමට පැමිණි 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි වරාය පොලිසිය කියයි.

Advertisement

තුවාල ලැබු 15 දෙනෙකු නාවික හමුදා රෝහලටත් ⁣සෙසු සිවුදෙනා ත්‍රිකුණාමලය රෝහලෙත් ප්‍රතිකාර ලබති.

Advertisement

මෙම පිරිස ගල්ගමුවේ සිට සංචාරයකට මෙලෙස පැමිණ ඇති අතර තුවාල ලැබු වැඩි දෙනෙකු පාසල් සිසුන් බව වාර්තාවේ.

Advertisement

ජැටිය කඩා වැටි පිරිස මුහුදට වැටි ඇති අතර එම ස්ථානය එතරම් නොගැඹුරු නිසා සිදු විමට ගිය විනාශයක් වැලකි ගොස් තිබේ.

Advertisement

තුවාල  ලැබුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

Advertisement

ඕනම පනතකට යෝජනාවකට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්

ඕනෑම පනතකට යෝජනාවකට එරෙහිව ඕනෑම අයකුට  ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කිසිම බාධාවක්  නැතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  ඊයේ( 22) පැවසීය.

Advertisement

කතානායකවරයා  මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

Advertisement

විමල් වීරවංශ මහතා:

Advertisement

අර්ථසාධක අරමුදල ගැන නඩුවක් ගියාම මේ පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක් ගැන අධිකරණයේ අභියෝගයට ලක්කරන්න බැහැ කියලා ඔබතුමා කිව්වා. පනතක් සම්මත කළා නම්  ඒක වෙනම දෙයක්. යෝජනාවක් කියන්නේ යෝජනාවක්.
යෝජනාවක් මෙතන සම්මත කරගත් පමණින් අධිකරණයේදී අභියෝගයට ලක් කරන්න  නැහැයි කියන්නෙ ඇයි.

Advertisement

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

Advertisement

ඔය ප්‍රශ්නය මීට ඉහත අවස්ථා කීපයකදී කතා කළා. අපි නීතිමය උපදෙස් අරගෙන කටයුතු කළේ. ඒ ගැන නැවත විග්‍රහ කිරීමක් අවශ්‍ය නැහැ. තීරණය වෙනස් කිරීමට යුතුකමක් නෑ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *