Latest Articles
Search

අනුරාධපුරයේ අනතුරකින් ගුරු මව සහ දියණිය මරුට

318

අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Advertisement

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශය විද්‍යාලයක ගුරුවරියක් වන 36 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ වයස අවුරුදු 8ක දියණියයි.

Advertisement

ඔවුන් රාජාංගනය, දාහතර කොලනිය ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ.

Advertisement

ස්කූටි වර්ගයේ යතුරුපැදිය බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී පසුපසින් පැමිණි ටිපර් රථයක් එම යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

Advertisement

එම ස්ථානයේ සිටි පිරිස් අනතුරට පත් ස්කූටි යතුරුපැදියේ ගමන්කරමින් සිටි මව සහ දියණිය කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණ ද ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

Advertisement

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ටිපර් රථයද පොලිස්භාරයට ගෙන තිබේ.

Advertisement

අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *