සැන්ඩ්‍රා කියන්නේ ලංකාවේ ඉන්න දක්ශතමට ටැටූ නිර්මාණ ශිල්පිනියක්.
අපේ රටේ ජනප්‍රිය කලාකරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ පවා ටැටූ කරපු කාගෙත් සිත් දිනාගත්තු මාශි කියන්නේ අභියෝගයන් ජයගත්තු තමන් ආස දේ කරලා ඉහලට ගිය තරුණියක්.
ඒ වගේම තමයි ඇය තමන්ගේ තනි මතයටලු ටැටූ ඉගෙන ගෙන තියෙන්නේ.
ටැටූ කලාව තෝරා ගත්තු නිසා එයාගේ අම්මයි තාත්තයි මාස ගනනක් යනකන් කතා කරෙත් නැහැ කියලයි කියන්නේ.
කොහොම වුනත් තමන් ආස දේ කරපු මාශි මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියතම ටැටූ ආර්ටිස්ට් කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්.
ඇය කියන විදිහට නම් ඇයට අයි බ්‍රෝ ගලවනවට වඩා ලේසියිලු ටැටූ එකක් කරන එක.
ඇය මොන තරම් දක්ෂ ටැටූ ආර්ටිස්ට් කෙනෙක්ද කියලා ඔබට තේරේයි ඇයගේ මේ දක්ෂතා බැලුවම.


























