පහ වසරේ ඉඳලම පුතා ඉල්ලන්නේ පයිලට්ලගෙ පින්තූර.. අන්තිමට ඒකෙන්ම එයාට ජීවිතේ අහිමි වුණා – ගුවන් යානා අනතුරින් දිවි අහිමි වූ පුතු ගැන පියා කියූ සංවේදී කතාව

608

“පුතා පහේ පන්තියේදීත් මගෙන් ඉල්ලන්නෙම පයිලට්ලගෙ පින්තූර. ඒව ගෙනත් කාමරේ අලවන්න ඕන. ඒ කාලෙ ඉඳලම තිබුණු සිහිනයක් හැබෑ කරගත්තත් අන්තිමට ඒකෙන්ම එයාට ජීවිතය අහිමි වුණා. මට විතරක් නෙවෙයි රටටත් අහිමි වුණේ වටිනා දරුවෙක්.”  චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ දී ජීටී 6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටීමෙන් දිවියට සමුදුන් අලව්ව මහරච්චිමුල්ලේ දිවුල්ගහකොටුවේ පදිංචිව සිටි විසිහතර හැවිරිදි ඒ. එම්. ප්‍රශාන් මධුසංඛ වර්ණසූරියගේ පියා වන රෝහණ ප්‍රේමතිලක එසේ කියා සිටියා.

Advertisement

හැඬු කදුළින්ද වික්ෂිප්ත මනසින්ද යුත් ඔවුන්ගේ නිවෙස පමණක් නොව මුළු මහත් ගම්මානයම මළ ගෙයක් බවට පත්ව තිබුණේ හදිසියේ සිදුවූ ඛේදාන්තයෙන්.

Advertisement

ඊයේ (07) පෙරවරු 11.45ට පමණ සිදුවූ මෙම අනතුරින් පුහුණු වන ගුවන් නියමු මධුසංඛ සමඟ ඔහුගේ පුහුණුකරු තරිදු හේරත් ද මියගොස් තිබෙනවා.

Advertisement

සැහැල්ලු ගුවන් යානය ධාවන පථයෙන් මඳ දුරක් ඉහළට ගිය අවස්ථාවේ එක්වරම කඩා වැටී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ගුවන් හමුදාව පවසනවා.

Advertisement

ව්‍යාපාරිකයකු වන රෝහණ ප්‍රේමතිලකගේ හා දමයන්ති ප්‍රේමතිලකගේ වැඩිමහල් දරුවා වන මධුසංඛ තවත් බාල සහෝදරයන් දෙදෙනකුට අයියා වී සිටියා.

Advertisement

කුරුණෑගල ශාන්ත ආනා විදුහලෙන් අධ්‍යාපනය ලබා අනතුරුව ගුවන් හමුදාවට බැඳී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩිදුර පුහුණු වීම් සඳහා බැඳී තිබුණා.

Advertisement

ඔහු ගුවන් හමුදාවට බැඳී ඇත්තේ 2017දීය.

Advertisement

මේ අනතුරට ලක්ව ඇත්තේ එසේ පුහුණුවෙමින් සිටියදීය.

Advertisement

මධුසංඛගේ  හදිසි මරණයෙන් දැඩි කම්පනයට පත්ව සිටි ඔහුගේ පියා තවදුරටත් මෙසේ සඳහන් කළා.

Advertisement

“අනේ මගේ දරුවා අහිංසකයි. කුරාකූඹියකුටවත් අහිතක් හිතන්නෙ නැති නිහතමානී දරුවෙක්. ගමේ අයත් එක්කත් හරි එකතුයි”

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *