වතුර බිල් කරදරේ ඉවරයි! අලුත් වතුර බිල SMS එකෙන්

187

2024 වසරේ ජනවාරි මාසයේ සිට ජල පාරිභෝගිකයන්ට හිමිවන මාසික ජල බිල්පත විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවා හරහා ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Advertisement

ඒ, අනුව එම සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි ජල පාරිභෝගිකයින්ට ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

Advertisement

එමෙන්ම එළඹෙන ජනවාරි පළමු වනදා ජල පාරිභෝගිකයන් සඳහා ස්ථානීය ගාස්තු අඩු කිරීමේ විද්‍යුත් බිල්පත් සේවාවක් ද හඳුන්වා දීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

Advertisement

මේ අතර විදුලි ගාස්තුව ඇතුළු ජල පිරිපහදුවට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු වුවහොත් ඉදිරි මාස 06 තුළ ජාල ගාස්තු අඩුකළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළා.

Advertisement

madyawediya

Advertisement

පොලිස් පවුලක්ම එකතු වෙලා හමුදා සෙබළෙකුට තියුණු ආයුධවලින් පහරදීලා! සැකකාර කොස්තාපල්, බිරිඳ සහ පුතා අත්අඩංගුවට

Advertisement

කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් හේතු කරගෙන තියුණු ආයුධවලින් යුධ හමුදා සෙබළෙකුට පහර දී බරපතළ තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ, පුත්‍රයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙක් ය.

Advertisement

පහරකෑමට ලක් වූ හමුදා සෙබළා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.

Advertisement

newscenter.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *