Latest Articles
Search

පැය 04ක විදුලි කප්පාදුවක් – දිස්ත්‍රික් 05 කට රතු එළි

2839

සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහක (05) පැය හතරක පමණ විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර සිටිනවා.

Advertisement

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ගොවිතැනට ජලය නිකුත් කිරීමට හැකි වන්නේ ද දින හතරකට පහකට පමණක් බවයි.

Advertisement

එසේ කලහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙසේ පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Advertisement

ඒ අනුව, විදුලි කප්පාදුවකින් තොරව නිකුත් කළ හැකි උපරිමය ජල ප්‍රමාණය නිකුත් කරමින් ඉදිරියට යාමට තීන්දුවක් ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

Advertisement

ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින්.

Advertisement

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, පැයක දෙකක විදුලි කප්පාදුව දරාගනිමින් ගොවිතැන සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවක් බවයි.

Advertisement

එසේ නොකළහොත් ඉදිරියේදී රට තුල ආහාර හිගයක් ඇති වනු ඇති බවයි අමරවීර මහතා කියා සිටියේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *