බිළිඳා විකුණා iPhone 14 එකක් ගත් යුවළක්

1646

සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය 08 මස් වයසැති සිඟිත්තා මුදලට විකුණු පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් වාර්තා වෙයි.

ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ සිය පුතුව විකුණා ඇත්තේ එම මුදලින්  iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට බව හෙළි වී ඇත.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එය මිලදීගෙන තිබේ.

එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජමාධ්‍ය වෙත මුදාහැරීම‌ට කටයුතු කර ඇත.

සිය පුතු නොමැතිව දුක් වෙනවා වෙනුවට විශාල මුදලක් වැයකර දුරකථනයක් මිලදී ගෙන තිබීම සම්බන්ධයෙන් අසල්වැසියන්ට ඇතිවූ සැකයක් මත අසල්වැසියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී තිබේ.

ඉන් පසුව සිදුකළ විමර්ශනයේදී මෙම යුවළ විසින් සිය දරුවා මුදලට විකුණා ඇති බව පොලීසියට අනාවරණය වී ඇත.

පසුව ඉන්දීය පොලීසිය විසින් දරුවාගේ මව සහ දරුවා මිලදීගත් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවාගේ පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ සිය 07 හැවිරිදි දියණිය ද විකිණිමට පියා මීට පෙර උත්සාහ කර ඇති බවය.

කෝටි 900ක් වංචා කළ මූල්‍ය හිමිකරු අතුරුදන්

සියයට 6 ක ආකාර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 900 ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම මුල්‍ය ආයතනයේ වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවයකන් ඇතුලු විශාල පිරිසක් මෙම ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත.

සියයට 6 ක ආකර්ෂණීය පොලිසියක් ලබා දෙන බවට පවසා 2020 වසරේ සැකකරු මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ගතවු වසර කිහිපය තුළ 8000 ට ආසන්න තැපන්පත්කරුවන් මෙම මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මුල් කාලයේ සැකකරුවන් තැන්පත්කරුවන්ට සියයට 6 ක පොලියක් ලබා දී ඇති බවත්, පසුව එය සියයට 3 දක්වා අඩුකර, පසුව එම මුදලද ගෙවීම පැහැර හැර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *