Latest Articles
Search

අධික ගාස්තු අය කරන රෝහල් සහ රසායනාගාර වලට වෙච්ච දේ

144

එදිනෙදා වේල සරි කරගන්නට මිනිසුන් වෙර දරන කාලයක ඩෙංගු රෝගී තත්ත්වයක් පිළිබඳව නිශ්චය කරන පරීක්ෂණයකින් අනිසි ලෙස මුදල් අයකරන පුවතක් පිළිබඳව ‘අද දෙරණ’ට වාර්තා වුණි.

Advertisement

වැඩි මිලට පරීක්ෂණ සිදුකළ පුද්ගලික රෝහල් සහ රසායනාගාර 15 කට එරෙහිව මේ වනවිට නඩු පවරා ඇති අතර මේ දක්වා එවැනි ස්ථානවලින් අය කර ඇති දඩ මුදල රුපියල් ලක්ෂ 116කි.

Advertisement

ඩෙංගු යනු රටම භීතියට පත්කරන වසංගතයකි.

Advertisement

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පූර්ණ රුධිර ගහන පරීක්ෂණයක් සඳහා රුපියල් 400ක් සහ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 1,200 ක් අයකළ හැකිය.

Advertisement

ගැසට් නිවේදනයේ මිල ගණන් සඳහන්ව තිබුණත් ඒවා පසෙකලා හිතුමනාපෙට විවිධ අධික මිල ගණන් යටතේ රෝගීන්ගෙන් මුදල් අය කරන ස්ථාන රැසක් පිළිබඳව අපට වාර්තා වුණි.

Advertisement

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලික රෝහල් සහ රසායනාගාරවල ඩෙංගු පරීක්ෂාවන් සිදුවන්නේ කෙසේද?

Advertisement

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ඒකකය විසින් වැටලීම්
රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

Advertisement

සීමාව ඉක්මවා ගාස්තු අය කළ පුද්ගලික රෝහල් සහ රසායනාගාර 15 ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබුණේ ඒ අනුවය.

Advertisement

සීමාව ඉක්මවා ගාස්තු අය කළ ස්ථානවලට රුපියල් ලක්ෂ 05, 10, 15 බැගින් දඩ නියම කර ඇති අතර මේ දක්වා නියම කර ඇති සමස්ත දඩ ප්‍රමාණය රුපියල් ලක්ෂ 116 කි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Advertisement

මේ අතර සාමාන්‍යයෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ 100 කට ආසන්න ප්‍රමාණයක් සඳහාවත් නිශ්චිත මිලක් නියම වියයුතු බව ජනතාවගේ මතය වෙයි.

Advertisement

Source : adaderana

Advertisement

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Advertisement

පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) උදෑසන වාරියපොළ පොලිස් වසමේ මිදියාල, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ මෙය සිදුව ඇති බවය.

Advertisement

දරුවා නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිටිය දී නිවස පසුපස තිබු අඩි 2ක් පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත ජලය පිරි ඇති ළිඳකට වැටී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *