Latest Articles
Search

බීමත් රියදුරා එකොළොස් හැවිරිදි සිසුවාට මරු කැඳවයි

146

බීමත් රියැදුරකු අධික වේගයෙන් පැදවූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් පදිකයින් දෙදෙනෙකුගේ ,හා කැබ් රථයක , ත්‍රීරෝද රථයක හප්පා  සිදු කළ අනතුරින් එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි.

Advertisement

මෙසේ මියගොස් ඇත්තේ  මීගොඩ හෙට්ටියාවත්ත ,  6 වන පටුමග , අංක 412 / 06 හි පදිංචි  විනිදු සත්සර නමැති  එකොළොස් හැවිරිදි  පාසල් සිසුවකු බව පොලීසිය කියයි.

Advertisement

හයිලෙවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙස සිට ඊයේ (26)  රාත්‍රී 10 ට පමණ කොළඹ දෙසට අධික වේගයෙන් බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් මීගොඩ 20  කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් මවක (57) සහ ඇයගේ පුත්‍රයෙකුගේ (18) සිරුරේ ගැටි අනතුරක් සිදුව තිබූණි.

Advertisement

එහෙත් අනතුරෙන් පසුව මෝටර් රථය නොනවත්වා මීටර් 500 පමණ ඉදිරියට ධාවනය කරද්දී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට විරුද්ධ මන්තීරුව ඔස්සේ අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී ඒ අසල  නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරු දෙකක් සිදුව තිබුණි .

Advertisement

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු ( 56)  හා ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කඩිනමින්  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එකොළොස් හැවිරිදි පාසල් සිසුවා මෙසේ මියගොස් ඇති  බව පොලිසිය පවසයි.

Advertisement

සිද්ධියෙන් අනතුරුව අනතුර සිදු කළ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි  මෝටර් රථ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.

Advertisement

අනතුරින් ත්‍රිරෝද රථයට හා මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර ප්‍රතිකාර ලබන අනිත් දෙදෙනාගේ තත්ත්වය සාමාන්‍ය බව පොලිසිය කියයි .

Advertisement

අනතුරට හේතුව නොසැලකිලිමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය බව පොලීසිය කියයි. ඒ අනුව මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් (27) දා සිදුකිරීමට නියමිතව තිබුණි .

Advertisement

අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Advertisement

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Advertisement

ලංකාදීප

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *