Latest Articles
Search

තිදරු මවක් අඩි 100 කටත් වඩා උඩින් ඉදන් කරපු ජාවාරම

45

වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් වටලා තිබේ.

Advertisement

එහිදී හෙරොයින්, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර හා ජංගම දුරකථන සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

Advertisement

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

Advertisement

අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්ර 5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Advertisement

සැකකාරිය ඇයගේ නිවෙසට යාබඳව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ, කිසිවකුටත් නොපෙනෙන අයුරින්, ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය කියයි.

Advertisement

මුදල්, මල්ලක දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලයට යැවීමෙන් පසුව, අට්ටාලයේ සිට පහළට කුඩු එවීම කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

Advertisement

අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලීසිය කියයි.

Advertisement

ඝාතන දෙකක්

ප්‍රදේශ දෙකක සිදුවු මනුෂ්‍ය ඝාතනවලින් පිරිමි පුද්ගලයෙක් හා වයෝවෘධ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Advertisement

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, ඊයේ (26) අලුයම දේවාලේගම පොලිස් වසමේ බෝකොළමුල්ල ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

Advertisement

පහරදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.

Advertisement

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 27ක් වු දේවාලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Advertisement

එම ඝාතනය කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් සිදුව ඇති අතර, මියගිය පුද්ගලයා ඊයේ අලුයම 3ට පමණ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවසට එමින් සිටිය දී පහරදීම සිදුව ඇත.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 41ක් වු බෝකොළමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Advertisement

අත්අඩංගුවට ගත් පුද්ගලයා ද තුවාල ලබා කෑගල්ල රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබයි.

Advertisement

මේ අතර ඊයේ උදෑසන චාවකච්චේරිය පොලිස් වසමේ පුත්තූර් වීදිය, මට්ටුවිල් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි.

Advertisement

ඒ අනුව සිදුකළ පරීක්ෂණයේ දී කැපුම් තුවාල සහිතව එම කාන්තාව මියගොස් ඇතැයි අනාවරණය වුණි.

Advertisement

මේ අතර නිවසේ බඩු භාණ්ඩ තැනින් තැන විසිර තිබු බවත් පසුගිය 24 වනදා රාත්‍රීයේ එම කාන්තාව ඝාතනය වී ඇති බවත් අනාවරණය වී තිබේ.

Advertisement

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගොස් ඇත්තේ අවුරුදු 82ක් වු වයෝවෘධ කාන්තාවකි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *