Latest Articles
Search

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

717

රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Advertisement

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ අදාළ බිත්තර සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවය.

Advertisement

ආනයනික බිත්තර මෙතෙක් වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සිදුනොවූ අතර බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.

Advertisement

ඒ අනුව සතොස සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ආනයනික බිත්තර නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ.

Advertisement

දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *