Latest Articles
Search

ලොරි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – රියැදුරන් දෙදෙනාට වෙච්ච දේ

219

වවුනියාවේ පරනාට්ටකල් ප්‍රදේශයේදී ලොරි දෙකක් මුහුණට මුහුණ ගැටීම නිසා එම ලොරි දෙක ඇළකින් පහළට පෙරළී යාම නිසා රියැදුරන් දෙදෙනාම බරපතළ තුවාල ලබා ඊයේ (22) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

Advertisement

පරනාට්ටකල් ගම්මානයේ පටු මාර්ගයක් ඔස්සේ මෙම ලොරි දෙක අධික වේගයෙන් ධාවනය කොට ඇති අතර එක් ලොරියක් හෝ වේගය පාලනය කර නොගැනීම නිසා මෙම අනතුර සිදු වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

Advertisement

තුවාල ලැබූ රි‍යැදුරන් දෙදෙනාගේම තත්ත්වය බරපතළ බව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළ අතර එක් රියැදුරකු පෙරළී ගිය ලොරියට යට වී තිබෙන බව වාර්තා වෙනවා.

Advertisement

ගම්වාසීන් විසින් ඔවුන් අනතුර සිදු වූ ස්ථානයෙන් ගලවා ගෙන රෝහල්ගත කොට තිබෙන අතර, වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *