තවත් 20 හැවිරිදි මවක් සහ කුඩා දැරියක් අතුරුදන්

535

තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

Advertisement

හඟුරන්කෙත පොලීසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇත.

Advertisement

එලෙස අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත, හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියකි.

Advertisement

ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

Advertisement

එම කාත්තාව සහ ඇගේ කුඩා දියණිය අතුරුදන්වූ දිනයේ ලංගම බස් රථයකින් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ නගරයට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.

Advertisement

හඟුරන්කෙත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

Advertisement

එහිදී ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, එම කාන්තාව සහ දියණිය බස් රථයේ පැමිණි බවය.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertisement

මේ අතර අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් සහ ඇයගේ මාස 11ක් වයසැති කුඩා දියණිය පසුගිය 18 වන දින සිට අතුරුදන්ව තිබූ අතර, ඔවුන් දෙදෙනාගේ මළසිරුරු ඊයේ (21) උදෑසන නිවස අසල පිහිටි ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබුණි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *