Latest Articles
Search

ඇමෙරිකාවේ නගර දෙකක් අතුරුදන්

360

ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු ටෝනේඩෝ සුළි සුළඟක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

Advertisement

ටෝනේඩෝ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 23 දක්වා ඉහළ ගොස් තිබේ. ටෝනේඩෝව කඩා වැදී ඇත්තේ පැයට කිලෝ මීටර් 115 ක පමණ වේගයකිනි.

Advertisement

මුළුමනින්ම විනාශ වී ගියේ සිල්වර් සිටි සහ රෝලිං ෆෝක් යන කුඩා නගර දෙකය. මෙම නගරවල ඉතිරි වී ඇත්තේ සුන්බුන් කීපයක් පමණක් බව පැවැසෙයි.

Advertisement

නගර, ගොඩනැගිලි, වාහන ආදී සියල්ල ටෝනේඩෝවට ගසාගෙන ගොස් තිබේ. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ නගර තිබුණු ස්ථානය පවා සොයා ගැනීමට නොහැකි බවය.

Advertisement

ටෝනේඩෝ සුළි කුණාටුවෙන් ෂාර්කි, හම්ප්‍රීස් ප්‍රාන්තවලට ද හානි සිදුවී ඇත. ඊට අමතරව ඇලබාමා ජනපදයේ ප්‍රාන්ත කීපයකට ද හානි සිදුවී ඇති බව දැනගන්න ලැබේ.

Advertisement

විදුලිය නොමැතිව පීඩාවට පත් වුණු ගණන 75,000 කට වැඩිය.

Advertisement

ටෝනේඩෝවෙන් සිදුවුණු විනාශය දැක තමන් කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. විපතට පත්වූවන්ට කඩිනමින් සහාය ලබා දීමට බයිඩන් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.

Advertisement

‘මිසිසිපි වැසියන් මුහුණ දුන් ව්‍යසනය දැක මා කම්පනයට පත්වුණා. පුළුවන් උපරිමයෙන් අපි උදවු කරනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Advertisement

Source : ලංකාදීප

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *