ඇමැති නිමල්ගේ හිත කාන්තාවන්ට – වරායේ රස්සා දෙන්න අලුත් වැඩක්

59

මෙරට වරාය තුළ ‍ෙදාඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් බඳවාගැනීමට රජය  තීරණය කර ඇත. ශ්‍රී  ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින්  කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  පෙරේදා (20) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

Advertisement

ඒ අනුව ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී   ලංකාවේද වරාය තුළ ‍ෙදාඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් දැනටමත් රාජකාරි කරන අතර ඉදිරියේදී වැඩි වශයෙන් බදවා ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසුවා.

Advertisement

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවැනි සභාවාරයට අදාළව පැවැත්වූ පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Advertisement

අද (22) අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ  නියෝගය සඳහාද කාරක සභාවේ එකඟත්වය හිමි වුණා.

Advertisement

2018 වසරේ ජූලි 3 වැනි දින අංක 2078/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත සිවිල් ගුවන් සේවා (සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගයන් හි මුද්‍රණ ‍ෙදා්ෂයක් නිවැරදි කිරීම මෙහි අරමුණ වෙංවා.

Advertisement

(සීමාසහිත) ජය කන්ටේනර් ටර්මිනල්ස් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී   ලංකා නැව් සංස්ථාව යන ආයතනවල නිලධාරීහු එම ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

Advertisement

Source : Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *