Latest Articles
Search

දැන් ට්‍රැෆික් එකේ ඉන්න ඕනේ නෑ. පියාඹන යතුරු පැදියක් එයි

252

ලොව ප්‍රථම පියාසර කළ හැකි යතුරු පැදිය පසුගියදා උතුරු ඇමෙරිකානු මෝටර් රථ ප්‍රදර් ශනයකදී එළි දැක්වූවේය.මෙම හවර් යතුරුපැදිය පැයට කිලෝ මීටර 100 ක් දක්වා වේගයකින් ධාවනය කළ හැකි අතර විනාඩි 40 ක කාලයක් පියාසර කළ හැක.

Advertisement

මෙම යතුරුපැදිය එක්ස් ටුවරිස්මෝ ලෙස හඳුන්වන අතර ඇමෙරිකානු ඩොලර් 777000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 278584026) ක මිලක් නියම කර ඇත.ලබන වසර වනවිට මෙම යතුරුපැදියේ කුඩා ආකෘතියක් නිපදවීමට බලාපොරොත්තු වන බවත් 2025 වසර වන විට ඇමෙරිකානු ඩොලර් 50000 කට විකිණිය හැකි යතුරු පැදියක් නිර් මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම යතුරු පැදියේ නිර් මාණකරු වන අර් වින්ස් සමාගම ප්‍රකාශ කළේය.

Advertisement

හවර් යතුරුපැදි ජපානයේ මේ වන විට විකිණීමට තිබෙන බවත් එය ගුවන් යානා කාණ්ඩයට අයත් නොවන නිසා පැදවීමට ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් නිර් මාණකරුවෝ පවසති.කෙසේ වෙතත්, ජපානයේ එවැනි යන්ත්‍ර සඳහා ඇති දැඩි රෙගුලාසි හේතුවෙන්,එක්ස් ටුවරිස්මෝ තවමත් මහා මාර් ග වල ධාවනය කළ නොහැකි බව එම සමාගම පවසයි.

Advertisement

එක්ස් ටුවරිස්මෝ හවර් යතුරුපැදියට අශ්ව බල 228 ක කවසාකි යතුරු පැදි එන්ජිමක් සවිකර ඇත.

Advertisement

Advertisement

Source : Lankadeepa 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *