Latest Articles
Search

සූම් තාක්ෂනය ඔස්සේ සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සිසුන්ට අමුතු පාඩම් උගැන්වූ කාන්තාවන් දෙදෙනා

452

අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් පළ කර සූම් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදු කරන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නුගේගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකුණන  මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

Advertisement

පසුගිය 19 වැනි දා මෙම ගණිකා නිවාසය වටලා එහි සේවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනකු සමඟ කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ සහ මෙවලම් කිහිපයක් සොයා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි වූ බව යි පොලිසිය පවසන්නේ.

Advertisement

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා විසින් මෙම ස්ථානයේ දී සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් සඳහා ලබා දෙන සේවාවන් පිළිබඳ අන්තර්ජාලයේ පළ කරන වෙළෙඳ දැන්වීමේ ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බවත් නුගේගොඩ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලබන පාසල් සිසුන් අන්තර්ජාලය ඔස්සේ මෙම වෙළෙඳ දැන්වීම් නරඹා මෙම කාන්තාවන්ගේ ඇසුර ලබා ගැනීම සඳහා පැමිණ ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

Advertisement

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 45 සහ 43 වැනි වියේ පසු වන මිනුවන්ගොඩ හා මතුගම යන ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන්.

Advertisement

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පොලිස් උකුසු ඇසෙන් මිදී මෙම ස්ථානයේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.

Advertisement

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන්.

Advertisement

Source : Hirugossip

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *