Latest Articles
Search

බිරිඳගේ ජංගම දුරකථනය නැතිවී ඩබල් හයර් ගෙවලා

135

බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතකවීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.

Advertisement

සිද්ධිය මෙසේය,

Advertisement

ඇය මුහුණු පොත වෙත  බොහෝ ලෙස ඇබ්බැහි වී සිටින්නියකි. ඇබ්බැහිවීම කෙසේද යැයි කිව්වොත් උයන පිහන කටයුතුවලදී මෙන්ම වැසිකිළිය තුළදී පවා ජංගම දුරකථනය රැගෙන ගොස් මුහුණු  පොතේ සැරිසැරීමට කටයුතු කරන්නියකි. කෙසේ වෙතත් ඇයගේ සැමියා මේ සැම ඉවසා දරා සිටින්නේ බැඳගත් බෙරය කෙසේ හෝ ගැසිය යුතු බැවිනි.

Advertisement

ඇයගේ දුරකථනයට විශාල වියදමක් දරා බිල් ගෙවා දැමීමටද ඔහුට සිදු වන අතර ඔහුගේ වැටුපට අමතරව හිත මිතුරන්ගෙන් ණය පවා ගැනීමට ඔහුට සිදුව තිබේ.

Advertisement

මෙම සිදුවීම වූ දිනයේ ඔහු ඇයත් සමග නගරයට ගොස් ඇත්තේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. ඇයද මුහුණු පොතෙහි පලවන විවිධ කෑම වර්ග සෑදීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඇත්තේ දුරකථනය පරීක්ෂා කරමිනි. මාසයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා බැවින් ඔවුන් ත්‍රීරෝද රථයක් කුලියට ගෙන නිවස බලා පිටත්ව ගොස් තිබේ .

Advertisement

ත්‍රීරෝද රථය තුළ  දුරකථනයේ රැඳෙමින් එම දුර ගෙවා දැමූ ඇය නිවසට පැමිණ සැමියා හා එක්ව බඩු බා ත්‍රීරෝද රථය පිටත් කර තිබේ . බඩු ටික මුලු‍තැන්ගෙය වෙත රැගෙන ගිය වහාම සිය ජංගම දුරකථනය නොමැති බව දැනගත් ඇය කලබලයට පත්ව සිය සැමියා අමතා සිද්ධිය පවසා තිබේ.

Advertisement

අඳුනන ත්‍රීරෝද රථයක් හෙයින් ත්‍රීරෝද රථ රියදුරු  අමතා විස්තරය පවසා ඇති අතර  දුරකථනය ත්‍රීරෝද රථය තුළ තිබෙන බව එම රියදුරු  පවසා තිබේ. ‘ඒක ගෙනත් දෙන්න පුළුවන් දැ’ යි විමසූ විට ත්‍රීරෝද රථ රියදුරු ‘ගෙනත් දෙන්නනම් පුළුවන්, ඒත් මහත්මයා මට හයර් එක ඕනි’  යැයි පවසා තිබේ.

Advertisement

මේ දිනවල පවතින ඉන්ධන මිල අනුව විශාල මුදලක් ත්‍රීරෝද රථයට ගෙවීමට සිදුවූවත් එක විනාඩියකට පවා දුරකථනය නොමැතිව සිටීමට නොහැකි බිරිඳගේ කන්දොස්කිරියාවෙන් මිදීමට ඔහු ඩබල් හයර් ගෙවා දුරකථනය ගෙන්වාගෙන තිබේ.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *