Latest Articles
Search

විදුලි බිල අඩුකරන්න tips 10ක්

1094

මේ මොහොතේ ලංකාවේ අපට පාවිච්චි කරන විදුලි ඒකක එකකට ගෙවන්න වෙන වැඩිම මිල ගෙවන්න වෙලා. ඒ නිසා lifie අපි තීරණය කලා ඔයාලගෙ විදුලි බිල අඩුකරන tips 10 ගැන කතා කරන්න.

Advertisement

01. බල්බ් මැනේජ්මන්ට්

 

Advertisement

ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් වලට සමු දී LED බල්බ් වලට මාරු වෙන එක තමයි මුලින්ම අපි කරන්නම ඕනි. ගෙදරක සාලයේ, බාත්රූම් එකේ, කිචන් එකේ, කාමර වල වැඩිපුර වේලාවක් විදුලි බල්බ් දල්වලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ ස්ථාන වලටවත් අපි ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් පාවිච්චි කරන එක නවත්වන්න ඕනෙ. මේවා පාවිච්චි කිරීම තුලින් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා දීප්තියෙන් සමාන, අඩු වෝල්ට් ප්‍රමාණයක් වැය වෙන LED බල්බ් වලට මාරු වෙන එක වඩා හොඳයි.
ඉහත සඳහන් කරපු ස්ටෑන්ඩඩ් බල්බ් එකක බ්‍රයිට්නස් එක 50ක් ලබා ගන්න වොට් 25 ක් වැය වෙනවා. ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 6 ක් වැය වෙනවා. LED බල්බ් එකකින් වෝට් 4 යි වැය වෙන්නෙ. අපි හිතමු ඔයාට බ්‍රයිට්නස් එක 1600 ක් ඕනි කියලා. ස්ටෑන්ඩඩ් බල්බ් එකක වොට් 100 ක් වැය වෙනවා. ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 25 ක් වැය වෙනව. LED බල්බ් එකකින් වෝට් 20 යි වැය වෙන්නෙ. මේ නිසා LED බල්බ් වලට මාරුවීම ඉතාම හොද tips එකක්.

Advertisement

02. TV එක ස්ටෑන්ඩර්ඩ් මෝඩ් එකේ තියන්න එපා

 

Advertisement

බොහෝ වෙලාවට අපි TV එක ස්ටෑන්ඩර්ඩ් මෝඩ් එකේ තියන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නෙ රිමෝට් එකෙන් විතරක් ඕෆ් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයාල දන්නෙ නැති වුනාට මේ මඟින් ද දවසට වොට් 10 ක් 15 ක් විතර නිකරුණේ වැය වෙනවා. ඒ නිසා රිමෝර්ට් එකෙන් ඕෆ් කරල ප්ල්ග් එකෙනුත් ඕෆ් කරන්න පුරුදු වෙන්න.

Advertisement

03. ෆ්‍රිජ් එක මැනේජ් කර ගන්න

 

Advertisement

කිචන් එකේ වැඩිපුර විදුලිය වැයවෙන අයිටම් එකක් තමයි ෆ්‍රිජ් එක. ඒ නිසා ෆ්‍රිජ් එක හොඳින් මැනේජ් කරන එක ඉතාම වැදගත්. ෆ්‍රිජ් එක තියෙන තැන සහ බිත්තිය අතර දුර ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනි. බිත්තියකට හේත්තු කරල, බිත්තියක් මුල්ලේ, බිත්තියකට ළං කරල ෆ්‍රිජ් එක තියන්න එපා. බිත්තිය සහ ෆ්‍රිජ් එක අතර පරතරය අඩි 1 ½ හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි අනිවාර්යෙන්. ඒකට හේතුව ෆ්‍රිජ් එකේ කූලර් සිස්ටම් එක තියෙන්නෙ පිටි පස්සෙ. බිත්තියකට ළං වුනාම ඒ අවට හීට් එක වැඩි නිසා කූල් කරන්න වැඩිපුර වොට් ප්‍රමාණයක් වැය වෙනවා.

Advertisement

තවත් දෙයක් තමයි ෆ්‍රිජ් එක ඕපන් කරන වාර ගණන ගැන සැලකිලිමත් වෙන්න. ඔයා වැඩි වාර ගණනක් ඕපන් කළොත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. අඩු වාර ගාණන් ඕපන් කළොත් අඩු වොට් ප්‍රමාණයක් වැය වෙනවා. මේ නිසා ආහාර සකස් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය එක වර එලියට ගන්න පුරුදු වෙන්න කියලා lifie අපි ඔයාට යෝජනා කරනවා.

Advertisement

04. ඉලෙක්ට්‍රිසිටි යුටිලයිට් ස්ලොට් මැනේජ් කරන්න

 

Advertisement

අපි හැමෝම හොඳින් දන්නව ඉලෙක්ට්‍රිසිටි යුටිලයිට් ස්ලොට් තුනකට බෙදා තියෙනව කියලා. ඒ තමයි ඩේ, පීක්, ඕෆ් පීක්. ඩේ විදියට ගන්නෙ උදේ 5.30 සිට සවස 6.30 දක්වා කාලය. පීක් වේලාව සවස 6.30 ත් රාත්‍රි 10.30 ත් අතර කාලය. ඕෆ් පීක් රාත්‍රි 10.30 යේ සිට උදේ 5.30 කාලය. පීක් ටයිම් එකේදි තමයි යුනිට් එකකට ගෙවන්න වෙන කොස්ට් එක වැඩිම. ඒ නිසා ගෙදර පාවිච්චි කරන වැඩ් වොට් ප්‍රමාණයක් වැය වෙන ඉක්විප්මන්ට් යුනිට් කොස්ට් එක අඩුම වෙලාව වන රාත්‍රි 10.30 ත් උදේ 5.30 අතර පවිච්ච් කරන එකත් විදුලි බිල අඩු කරන්න පාවිච්චි කරන්න පුලුවන් tip එකක්.

Advertisement

05. AC මැනේජ්මන්ට්

 

Advertisement

අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනව AC එක 15 – 18 ක් අතර අඩු කරන්න. මේ නිසාත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. නියමිත විදියට රූම් එක සීල් කරල තියෙනව නම් AC එකේ සෙටි පොයින්ට් එක 24. AC එකට වැය වෙන වොට් ප්‍රමාණයක් අනිවාර්යෙන් අඩු කරගන්න නම් සෙට් පොයින්ට් එකේ AC එක තියාගන්න වග බලා ගන්න. ඒ වගෙම රූම් එක හොඳීන් සීල් කරන එකත් වැදගත්. තවත් කාරණයක් තමයි ඩස්ට් කවර් එක අනිවාර්යෙන් සති දෙකත් හතරත් අතර ක්ලීන් කර ගන්න. ඔන්ටයිම් සර්විස් එකක් කරන්නත් අමතක කරන්න එපා. මේ විදියට AC එක මැසේජ් කර ගත්තොත් විදුලි බිල අඩු රේන්ජ් එකක තියාගන්න පුලුවන් වෙනවා.

Advertisement

06. අනවශ්‍ය බල්බ් නිවන්න

 

Advertisement

බොහෝ වෙලාවට අපේ නොසැලකිලිමත් බව විදුලි බිල වැඩි වෙන්න බලපාන තවත් විශේෂ කාරණයක්. ඒ නිසා මුළුතැන්ගෙයි, නිදන කාමරයේ, බාත්රූම් එකේ බල්බ් නිවන එක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. අදාල වැඩේ ඉවර වුනාම බල්බ් නිවල ඒ තැනින් පිට වෙන්න වග බලා ගන්න.

Advertisement

07. මල්ට් ප්ලග් පාවිච්චියෙන් ඉවත් වෙන්න

 

Advertisement

හයි වොට් වැය වෙන ඉක්විප්මන්ට් සඳහා මල්ට් ප්ලග් පාවිච්චි කරන කොට ලූස් කනෙක්ෂන්, ස්පාක් නිසා නිතරම ඇම්පියර් ලොස්ට් වෙනවා. විදුලි බිල වැඩි වෙන්න මේකත් එක හේතුවක්. මේ නිසා හැකි තරම් මල්ට් ප්ලග් පාවිච්චියෙන් ඉවත් වෙන්න.

Advertisement

08. ලැප් එකට මාරු වෙන්න

 

Advertisement

ඩෙක්ස්ටොප් කොම්පියුටර් එකකට වැය වෙන වොට් ප්‍රමාණය ලැප් එකකට යන වොට් ප්‍රමාණයට වඩා වැඩියි. මේ නිසා විදුලි බිල ගැන සැලකිලිමත් වෙනවා නම් අනිවාර්යෙන්ම ඩෙක්ස්ටොප් එක පාවිච්චිය අඩු කරල ලැප්ටොප් එකට මාරු වෙන්න.

Advertisement

09. Float switch එකේ ඔන්, ඕෆ් එක ගැන සැලකිලිමත් වෙන්න

 

Advertisement

අපි බොහෝ වේලාවට ළිඳකින් ටැංකියකට වතුර පම්ප් කරන්න මෝටර් එකක් පාවිච්චි කරනවා. මෝටර් එකටත් වැඩිපුර වොට් ප්‍රමාණයක් වැයවෙනවා. මෝටර් එකෙන් වතුර පිරෙන එක කන්ටෝල් කරන්න Float සිස්ටම් එකක් පාවිච්චි කරනවා. මේකෙන් වෙන්නෙ ටැංකියේ වතුර අඩු වෙනකොට ඔටෝ මෝටරේ ඔන් වෙන එකයි, පිරිල අවසන් වුනාම මෝටරේ ඔටෝ ඕෆ් වෙන එකයි. ටැංකියේ වතුර තුන් කාලක් අඩු වූ විට ඔන් වෙන්න මේ සිස්⁣ටම් එක අපි හදාගන්න ඕනි. එහෙම නොවුනොත් මෝටර් එක වැඩි වාර ගණනක් ඔන් වෙන නිසා වැඩිපුර කරන්ට් යන එක වැඩි වෙනවා. මේ නිසා අනිවාර්යෙන්ම Float switch එකේ ඔන්, ඕෆ් එක ගැන සැලකිලිමත් වෙන්න.

Advertisement

10. අත්‍යවශ්‍යම භාණ්ඩ පාවිච්චි කරන වාර ගණන අඩු කරන්න

 

Advertisement

මේ මගින්ද අපට විදුලි බිල සැලකිය වුතු ප්‍රමාණයක් අඩුකර ගන්න පුළුන්. සතියටම අවශ්‍ය ඇඳුම් ඕෆ් පීක් වෙලාවේදී මැද ගන්න. ඒ වගේම ෆ්‍රිජ් එකේ තියල නැවත පාවිච්චියට කෑම ගන්නකොට අපි අවන් එකට දාල රත් කරගන්න පුරුදු වෙලා ඉන්නවා. මේ නිසාත් වැඩිපුර කරන්ට් එක වැය වෙනවා. මේ සඳහා විකල්ප ක්‍රම වලට යන එක වඩා වැදගත්. ඒ වගේම වතුර රත් කරන්න හීටර්, ජග් පාවිච්චි කරනවා. මේ සඳහාත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා තරමක් විශාල උණුවතුර ප්ලාස්ක් එකක් පාවිච්චියට ගන්න. හීටර්, ජග් පාවිච්චියට ගන්න වාර ගණන අඩුවීම නිසා වැඩි වොට් ප්‍රමාණයක් අපිට ඉතිරි කරගන්න පුලුවන්.

Advertisement

Source : Lifie

Advertisement

 

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *