ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු  ශීඝ්‍රගාමී දුම්රි‍යේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.

Advertisement

අනතු‍රෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Advertisement

සිද්ධිය ඇසින් දුටු කවිෂ කල්හාර යන අය කියා සිටියේ දුම්රිය හරස් මාරගයේ විදුලි පහන් දැල්විම නිසා තමන් සහ තවත් අයකු යතුරු පැදි නවතා ගෙන සිටි අතර පසු පසින් පැමිණ ලොරිය යතුරු පැදි දෙකට මැදින්  අනාරක්ෂිත ලෙස ඉදිරියට යනවිට එකවරම දුම්රියේ හැපි  කැරකි ආපස්සට පැමිණ යතුරු පැදි දෙකේ වැදුන බවය.

Advertisement

එහිදි එක් යතුරු පැදියක් ලොරියට යටවු අතර තමාගේ යතුරු පැදියද විසිවි ගොස් සුලු තුවාල ලබා බේරුණ බවත් ඔහු කිය. මෙම ස්ථානයේ මෙයට මාස තුනකට පමණ පෙරද මෝටර රථයක් දුම්රියේ  දෙදෙනෙකු නැති වී ඇත.

Advertisement