Latest Articles
Search

”ගේම් ප්ලෑන් එක හරි සිම්පල්, ඇත්තටම කතා වුණේ 140ක් ගහන්න” – භානුක රාජපක්ෂ

307

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

Advertisement

ඒ ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

Advertisement

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් 6 වන ආසියානු කුසලානය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

Advertisement

Advertisement

ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා.

Advertisement

පළමු කඩුල්ල ලෙසට කිසිදු ලකුණක් නොලබා සිටි ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 23ක්ව තිබියදී පැතුම් නිස්සංක දැවී ගියේ හැරිස් රාවුෆ්ගේ පන්දුවකට බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

Advertisement

ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8ක්. ධනුෂ්ක ගුණතිලක එක් ලකුණක් ලබා සිටියදී හැරිස් රාවුෆ්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවුණා.

Advertisement

ධනංජය ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියදී හතරවන කඩුල්ල ලෙසට පිටියෙන් ඉවත්ව ගියේ පන්දු යැවූ ඉෆ්තිකාර් අහමඩ්ගේ අතටම උඩ පන්දුවක් ලබා දෙමින්.

Advertisement

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ පන්දුවාර 7යි පන්දු 4ක් අවසානයේ ලකුණු 53ක් ලෙසටයි. ලකුණු 58ක්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ බලාපොරොත්තුවක් තිබූ නායක දසුන් ශානක දැවී ගියා.

Advertisement

ඒ ශදාබ් ඛාන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන්. ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 2ක්. අනතුරුව පිටියට එක් වෙමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වූ වනිඳූ හසරංග ලකුණු 36ක් ලබා සිටියදී දැවී ගියා.

Advertisement

පන්දු 21ක් තුල ඔහු මෙම ලකුණු 36 ලබාගත් අතර ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා.

Advertisement

14වන පන්දු වාරයේ දී ඔහු මෙලෙස දැවී ගියේ හැරිස් රාවුෆ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම සටහන් වූයේ 116ක් ලෙසින්.

Advertisement

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළ භානුක රාජපක්ෂ තම 20 යි 20 තරග දිවියේ තුන්වන අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 35කින්. ඊට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා.

Advertisement

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ඔහු නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 71ක්. චාමික කරුණාරත්න ලකුණු 14යි.

Advertisement

පන්දු යැවීමේදී හැරිස් රාවුෆ් කඩුලු 3ක් බිඳහෙළුවා. නසීම් ශාහ් ශඩාබ් ඛාන් සහ ඉෆ්තිකාර් අහමඩ් ශ්‍රී ලංකා ඉනිමේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

Advertisement

ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ආසියානු කුසලාන අවසන් මහා තරගය ජය ගැනීමට පාකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 171ක්.

Advertisement

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 20 යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමුවන සහ දෙවන ස්ථානවල පසුවන පිතිකරුවන් දෙදෙනා පාකිස්ථාන ඉනිම ආරම්භ කළා.

Advertisement

ඒ මොහොමඩ් රිස්වාන් සමගින් බාබර් අසාම්. දිල්ෂාන් මදුෂංක පළමු පන්දු වාරය ආරම්භ කළ අතර පළමු පන්දුවම නිපන්දුවක් ලෙසටයි සටහන් වුයේ.

Advertisement

දෙවන පන්දුව වයිඩ් පන්දුවක් ලෙසට විනිසුරු විසින් ප්‍රකාශ කළා.

Advertisement

ඔහු යැවූ පන්දු කිහිපයක්ම වයිඩ් පන්දු ලෙසට සටහන් වීමත් සමග කිසිදු පන්දුවක් සටහන් නොවී පාකිස්ථාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගියා.

Advertisement

දිල්ෂාන් මදුෂංක යොමු කළ වයිඩ් පන්දු සංඛ්‍යාව 4ක්. දිල්ෂාන් මදුෂංකගේ පන්දුවාරය අවසන් වන විට ලකුණු 171ක් හඹා යන පාකිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 12ක් ලෙසින්.

Advertisement

ලකුණු 22ක්ව තිබියදී පාකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසට බාබර් අසාම් දවා ගැනීමට ප්‍රමෝද් මදුෂාන්ට හැකියාව ලැබුණා.

Advertisement

ඔහු යැවූ පන්දුවකින් දිල්ෂාන් මදුෂංක අතට උඩ පන්දුවක් ලබා දෙමින් බාබර් අසාම් පිටියෙන් ඉවත්ව ගියේ ලකකුණු 5ක් ලබා සිටියදීයි.

Advertisement

දෙවන කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි ෆකර් සමාන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට දිල්ෂාන් මදුෂංකට හැකියාව ලැබුණා.

Advertisement

ඔහු යැවූ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ෆකර් සමාන් දැවී ගියා.

Advertisement

තුන්වන කඩුල්ල ලෙස ප්‍රමෝද් මදුෂංකගේ පන්දුවක් හමුවේ අශේන් බණ්ඩාර අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.

Advertisement

අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් නවාස් ලකුණු 6ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේ චාමික කරුණාරත්නගේ පන්දුවකට ප්‍රමෝද් මදුෂාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

Advertisement

අර්ධ ශතකයක් ලබා ගනිමින් පාකිස්ථාන ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් දැවී ගියේ ලකුණු 55ක්ව සිටියදීයි. ඒ වන විට පාකිස්ථාන පිළිතුරු ඉනිම සටහන් වුයේ ලකුණු 110කට කඩුලු 5ක් වශයෙන්.

Advertisement

අනතුරුව පිටියට පිවිසි අසීෆ් අලි මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ කිසිදු ලකුණක් නොලබාමයි. ඒ වනිඳු හසරංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

Advertisement

පාකිස්ථාන ඉනිමේ හත්වන කඩුල්ල ලෙස වනිඳු හසරංගගේ පන්දුවකින් දැවී ගියේ ලකුණු දෙකක් ලබා සිටි කුශ්දිල් ශාහ්.

Advertisement

පාකිස්ථාන කණ්ඩායමේ 8 වන කඩුල්ල ලෙදට ශඩාබ් ඛාන් දවා ගැනීමට මහීෂ් තීක්ෂණට හැකියාව ලැබුණා. ඒ වන විට ලකුණු 171ක ඉලක්කයක් හඹා යන පාකිස්ථාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලකුණු 120ක් ලෙසින්.

Advertisement

පන්දුවාර 18යි පන්දු 2ක්ව තිබියදී පාකිස්ථාන ඉනිමේ 9 වන කඩුල්ල බිඳහෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. දැවී ගියේ නසීම් ශාහ්. ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 4ක්.

Advertisement

පන්දුවාර 19ක් අවසාන වන විට පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 35ක්.

Advertisement

කෙසේවෙතත් පාකිස්ථානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 147ක් පමණයි.

Advertisement

ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් බිඳහෙලුවා.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *