Latest Articles
Search

“අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ” – සාගර කාරියවසම්

57

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ඉදිරියට ගෙන යන බව පක්ෂ  මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි. 

Advertisement

ඊයේ කැඳවා තිබූ  (06) මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මහ ලේකම්වරයා  පැවසුවේ, රාජපක්ෂ දේශපාලනය රටට, පක්ෂයට ඇති ශක්තිය බවයි.

Advertisement

මේ රටට තියෙන ශක්තිය අපේ පක්ෂයට තියෙන ශක්තිය ඒ තමයි රාජපක්ෂ දේශපාලන ශක්තිය. ඉතින් අපි පක්ෂයක් හැටියට නිර්භීතව කියනවා අපි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය සමග මේ පක්ෂය ඉදිරියට ගෙනියනවා.

Advertisement

රාජපක්ෂවරු නැවතත්  තනතුරුවලට පැමිණෙන්නේ ද සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීහු මහ ලේකම්වරයාගෙන් විමසා සිටියහ.

Advertisement

මේ ඊට පිළිතුරු දුන් පක්ෂ මහලේකම්වරයා..

Advertisement

”මගේ පුද්ගලික මතයත් අපේ පක්ෂයේ බහුතරයකගෙ මතයත් තියෙන්නේ රාජපක්ෂවරුන් ඒ තනතුරුවලින් ඉවත් වෙච්ච වැරදි කියන එක. මේ රටේ හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා ජනාධිපතිවරයා පත්කරාම ඒ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ හැටනම ලක්ෂයේ ජනතාවට මිසක් පාරට බහින ලක්ෂයක් විතර ජනතාවකට නෙවෙයි. මේ රටේ රාජපක්ෂලා ආවේ ජනතාවගේ ඡන්දෙන් මිසක් කිසිම දවසක බලහත්කාරයෙන් බලයට ඇවිල්ල නැහැ. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. අදටත් මේ රටේ අති බහුතරයක් ජනතාව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි කියන ඒ ස්ථාවරයේ

Advertisement

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති බවක්  පෙනෙන්නට නැතැයි ද පක්ෂ මහලේකම්වරයා පැවසී ය.

Advertisement

ඒ හිටපු ජනාධිපතිවරයා  සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.

Advertisement

”අපි  එතුමාව මුණ ගැහුණා. එතුමා කිසිම දේශපාලනයක් අපි සමග  කතා කරේ නෑ. එතුමා එතුමාගේ විදේශගතව හිටපු කාලයයේ එතුමාගේ අත්දැකීම් සම්බන්ධයෙන් කතා කරා. අපිටනං එතුමා පෙන්නුම් කරේ නෑ. කිසිම ආකාරයකින් එතුමාට දේශපාලනය සම්බන්ධයෙන් තවදුරටත් උනන්දුවක් තියෙනවා කියන එක ”

Advertisement

Advertisement

Source: Newsfirst 

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *