Latest Articles
Search

වෙරළතිරයේ පෙම් සුව විදි ගාල්ලේ පෙම්වතාට වූ අකරතැබ්බය

262

ගාල්ල, මහමෝදර වෙරළතිරයේ පෙම්වතිය සමග  සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය ඊයේ දහවල්  කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

Advertisement

20 හැවිරිදිවියේ පසුවන  පෙම්වතා ගාල්ල මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ඊයේ දහවල් තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය සමග ගාල්ල මහමෝදර මුහුදුතිරය අසලට පැමිණ ඇත.

Advertisement

යතුරුපැදියේ හැඩලයද ලොක් කර එහි නතරකොට පෙම්වතිය සමග වෙරළ තිරයේ ඇවිදිමට ගොස් ඇත. පස්වරු 1.00ට පමණ යතුරුපැදිය තිබු ස්ථානයට පැමිණ පරික්ෂාකිරිමේ දි යතුරුපැදිය එහි තිබි  නැත.

Advertisement

2019 වර්ෂයේ දි අලුතින්ම මිලදිගෙන ඇති මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ  06ක් පමණ වන බව පෙම්වතා ගාල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

Advertisement

මෙ පිළිබද ගාල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් පරික්ෂණ පවත්වනු ලබනවා.

Advertisement

Source: Nethgossip

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *