Latest Articles
Search

ඩොලර්වලින් නිවාස මිලදී ගන්නා අයට වට්ටමක්

312

ඩොලර් භාවිත කර නිවාස මිලදී ගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

Advertisement

මෙලෙස ඩොලර් භාවිත කර නිවාස මිලදී ගන්නා පුද්ගලයින්ට සියයට 10ක වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Advertisement

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇති.

Advertisement

රටේ පවතින ඩොලර් අර්බුදයට තවත් පිළියමක් ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

Advertisement

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මේ වනවිට වැඩ අවසන් කර ඇති මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක් වන බොරැල්ල ඕවල් වීව් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 608 කින් සමන්විත අතර, අංගොඩ ලේක් රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතය.

Advertisement

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ඩොලර් භාවිත කර මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Advertisement

මේ වනවිට තවත් මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති 12 ක් ඉදිකෙරෙමින් පවතින අතර එමගින් සපුරාලන නිවාස අවශ්‍යතාව නිවාස ඒකක 3,667 කි.

Advertisement

Source:Adaderana

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *