රටක් නොඉවසිලිමත්ව බලාසිටි ජයක්- ශ්‍රී ලංකා කණ්ඩායමට සටන්කාමී ජයග්‍රහණයක්

84
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. මෙම තරගයෙ ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී ජයග්‍රහණයක් හිමිකරගත්තා.

එම තරග විස්තරය මෙසේයි.

Advertisement

මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශයින් තීරණාත්මක වන්නේ මේ තරගය ජය ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම තීරණය වීම හේතුවෙන්.

Advertisement

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

Advertisement

කෙසේ වෙතත් එම තීරණයට බංග්ලාදේශ පිතිකරුවන්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

Advertisement

ඔවුන් තරගය ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්නට වුණා.

Advertisement

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 19 ක් ව තිබියදී බිඳවැටුණා.

Advertisement

අසිත ප්‍රනාන්දුගේ පන්දු හමුවේ ෂබීර් රෙහෙමන් ලකුණු 5 කට දැවී ගියා.

Advertisement

ඉන් අනතුරුව පිටියේ එක්වූ මෙහදී හසන් සහ ෂකීබ් අල් හසන් දෙදෙනා ‍ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

Advertisement

මේ දෙදෙනා එකතුව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 39 ක සම්බන්ධතාවක් ගොඩනැඟුවේ පන්දු ඕවර හතරක් තුළදී.

Advertisement

එම සම්බන්ධතාවට තිත තැබීමට වනිදු හසරංග සමත් වුණේ පන්දු 26 කදී ලකුණු 38 ක් ලබා සිටි මෙහෙදි හසන් ගේ කඩුල්ල දවාගනිමින්.

Advertisement

මෙහෙදී හසන් ඔහුගේ ලකුණු 38 සඳහා 6 පහර දෙකක් සහ හතරේ පහර දෙකක් එල්ල කර තිබුණා.

Advertisement

ඉන් අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 63 ක් ව තිබියදී මුෂ්ෆිකර් රහීම් ලකුණු හතරකට දවා ගන්නට චාමික කරුණාරත්න සමත් වුණා.

Advertisement

පන්දු 22 කට මුහුණ දෙමින් ලකුණු 24 ක් ලබාගෙන සිටි ෂකීබ් අල් හසන් දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමු වේ.

Advertisement

ඒ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 87ක් වශයෙන්.

Advertisement

අනතුරුව පිටියේ ස්ථාවර වූ අෆීෆ් හොසේන් සහ මහමුදුල්ලා දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.

Advertisement

එම් සම්බන්ධතාව බිඳ වැටුණේ පන්දු 22 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 39 ක් රැස් කර ගත් අෆිෆ් හොසේයින් ඩිල්ශාන් මධුසංඛගේ පන්දු හමුවේ දැවී යාමත් සමගයි.

Advertisement

ඔහු සිය ලකුණු 39 ලබා ගැනීම සඳහා හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් එල්ල කර තිබුණා.

Advertisement

බංග්ලාදේශ කණ්ඩායමේ පස්වැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු සංඛ්‍යාව 144 ක් ව තිබියදී.

Advertisement

ඒ වන විටත් අෆීෆ් හොසේන් සහ මහමුදුල්ලා එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගා තිබුණා.

Advertisement

බංග්ලාදේශ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 147 ක්ව තිබියදී මොහොමඩ මහමුදුල්ලා ලකුණු විසි 22කට දවා ගන්නට චාමික කරුණාරත්න සමත් වුණා.

Advertisement

කෙසේ වෙතත් පන්දුවට පහර දීමේ වේගවත් පිතිකරණ රටාව අඛණ්ඩව රඳවාගන්නට බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවන් ද සමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාන වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ලබාගෙන තිබුණා.

Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 41 කට කඩුලූ 2ක් දවා ගත් අතර චාමික කරුණාරත්න ලකුණු 32 කට කඩුලු 2ක් දවා ගන්නට සමත් වුණා.

Advertisement

මේ හැරුණු විට දිනේශ් මධුසංඛ, මහේෂ් තීක්ෂණ සහ හසිත ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Advertisement

ඒ අනුව මේ තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 184 ක් දැවැන්ත ඉලක්කයක් ඉතිරි වී තිබෙනවා.

Advertisement

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක් ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිෂ්ශංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

Advertisement

ඔවුන් දෙදෙනා එක්ව පන්දු ඕවර පහයි පන්දු 3 කදී ලකුණු 45ක් පළමු කඩුල්ල සඳහා එක්කලා.

Advertisement

එම සම්බන්ධතාව බිඳ වැටුණේ පැතුම් නිශ්ශංක එබොඩොට් හොසේන්ගේ පන්දුවක් හමුවේ ලකුණු විස්සකට දැවී යාමත් සමඟයි.

Advertisement

ඉන්පසු එක් අන්තයක කුසල් මෙන්ඩිස් හුදකලා සටනක නිරතව සිටියදී පිටියට පිවිසි ඉදිරිපෙළ පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියා.

Advertisement

චරිත් අසලංක එක් ලකුනකටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 11 කටත්, භානුක රාජපක්ෂ ලකුණු දෙකකටත් මෙලෙස දැවී ගියේ කුසල් මෙන්ඩිස්ගෙ කරමත වැඩි බරක් පටවමින්.

Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට ගියේ ලකුණු 60 ක් ලබාගත් කුසල් මෙන්ඩිස්.

Advertisement

ඔහුගේ කඩුල්ල මුස්ටාෆිසුර් රෙහෙමාන් දවාගත් අතර කුසල් සිය ලකුණු 60 සඳහා 6 පහර 3ක් සහ හතරේ පහර 4ක් එල්ල කර තිබුණා.

Advertisement

කුසල් මෙන්ඩිස් නැවත ක්‍රීඩාගාරයට හැරී යන විට ඔහු සහ නායක දසුන් ශානක අතර පස්වන කඩුල්ල සඳහා පන්දු 34 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබුණා.

Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායමේ හත් වැනි කඩුල්ල ලෙස බිඳ වැටුනේ නායක දසුන් ශානකගේ කඩුල්ලයි.

Advertisement

පන්දු 33 කදී ලකුණු 45 ක් ලබා සිටි දසුන් මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

Advertisement

දසුන් ඔහුගේ ලකුණු 45 ට හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් එල්ල කර තිබුණා.

Advertisement

ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ඉතිරිව තිබූ එකම බලාපොරොත්තුවත් බිඳ වැටුනේ චාමික කරුණාරත්න ලකුණු 16 ට දුවද්දී දැවී යාමත් සමඟයි.

Advertisement

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 9 කදී ලකුණු දාහතරක් ලබාග ගත යුතුව තිබුණා.

Advertisement

කෙසේ වෙතත් තරගයේ ආරම්භයට පෙරම අභිමානය සම්බන්ධයෙන් මතු වූ වාග් සංග්‍රාමය ට කදිම පිළිතුරක් සපයන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්
සමත් වුනා.

Advertisement

සිය මංගල පන්දුවාර 20 තරගයට එක් වූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඔහු මුහුණ දුන් පන්දු තුනෙන් දෙකක්ම හතරේ සීමාව කරා පිටත් කර හරිමින්.

Advertisement

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහනය තීරණය කෙරුණේ දහනව වැනි පන්දු ඕවරය තෙවැනි පන්දුව නිපන්දුවක් විමත් සමගයි.

Advertisement

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට එකතු වීම සඳහා අවස්ථාව හිමිවනවා.

Advertisement
Source:Hirugossip

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *